Oct 23, 2011

ඇල්කොහොල් ඇයි ඔෆිස් එකට?

පෝස්ට් දැම්මා මිස කස්ටියට උත්තර බදින්න බැරි උන නෙව, කමක් නෑ, පුලුවන් වෙලාවක දෙඣං!
දැන් කියන්න යන්නෙ ඇයි මත්පැන් ඔෆිස් එකක නැත්තන් කාර්‍යාලයක තියන්න ඕනෙ කියලා.
  1. එක- Stress එකට නියම භාණ්ඩෙ! (බොරුද??)
  2. දෙක- සම්බන්දතා වර්දනයක් පෙන්නුම් කරනවා


  3. මැනේජ්මන්ට් එකට හිතෙන දේ කියනවා, නැතුව ඒගොල්ලන්ට අහන්න ඕන දේ කියන්නෑ, ඒකෙන් ව්‍යාපාරය දියුණු වෙනවා
  4. තමාගෙ රක්සාව වැඩකට නැති එකක් කියල හිතෙන එක මඟ ඇරෙනවා, මිනිහා දියුණුයි!
  5. කැන්ටිමේ කෑම රහ නෑ කියන එකා මේ ක්‍රමෙන් පස්සෙ හැමදාම එතනින් කනවා
  6. කවදාවත් නිවාඩු ගන්නැති තත්වයක් ඇති වෙනවා,ලාභ!
  7. පඩි වැඩිකිරීම් ගැන කවදාවත් කතාවක්, වර්ජනයක් ඇති වෙන්නෑ
  8. හැම කෙනාගෙම අදහස් විවෘතව ප්‍රකාස වෙන්ට ගන්නවා 
  9. ඔෆිස් වල කෝපි ඉල්ලුම අඩුවෙන්න ගන්නවා, ලාභ!
  10. හැම කෙනාම කියන්න ගනී බිව්වට පස්සෙ ගේමක් නැතුව වැඩ කරන්න පුලුවන් කියලා
  11. පිටරටක වගේනන් හීටිං වලට යන විදුලි බිල පරිස්සම් වෙනවා
මෙන්ට මේවා තමා ඉතින්, හොදද කියල බලන්නකො

3 comments:

  1. එළ එළ..කබරයෝ නැත්තං එළ.....

    ReplyDelete
  2. හැබැයි ක්ලීනින් වියදම වැඩි වෙනවා

    ReplyDelete