Nov 25, 2011

විස්තරේ.....

අෆ්ෆා ගොඩ කාලෙකට පස්සෙ, කෙල වෙලා නෙව හිටියෙ අකුණක් ගහලා.

ඒ අස්සෙ මට සෙට් උනානෙ චයිනීස් ඩයල් එකක්, මිනිහා ඉන්ජිනේරු ඩයල් එකක්, නුවරැලියෙ ප්‍රොජැක්ට් එකට මිනිහට කැදවීමක් ලැබුනෙ, අවුල මිනිහට එක කඩ්ඩ, සිංහලෙන් කියනවනන් ඉංගිරීසි අකුරක් බෑ!

ගූගල් දෙයියගෙ පිහිටෙන් මිනිහට යංතං කියලා දුන්නා,
ඒ අස්සෙ මූ එක පාරක් එකෙක්ට බනිනවා "ෆක්කූ ෆක්කූ" කිය කිය, මදෑ පොර කියල තියෙන්නෙ "ෆක් යූ" කියලා.

තව දවසක් මෑන් එක්ක ගෙදර යනගමන් බඩු ගන්න ගියා අර සිටීයකට. ගත්තෙ නැතෑ 1000ක 2දාහක බඩු, මම බැලුවා අතේ එහෙව් උනොත් ඉතුරු වෙන්නෑ කියල සේප් එකේ උස්සගෙන ආවා, ඇවිත් එතන හිටියා මගේ ඔපීසියල් පෝං හදන මෑන්ස් මිනිහා දාගෙන කාර් එකේ විද්දා කොත්තු රොටි හොයන්න, එදා තමා නුවරඑලියෙ මුල් වතාවට 80ත් 100ත් අතරෙ කාර් එක අරගෙන ගියේ. නැත්තන් කොළඹනෙ කාර් සෙල්ලන් දාන්නෙ.

මෑන්ස්ට වෙලාවක් හම්බුන්නෑ සිංහල ටිකක් උගන්නන්න නැත්තන් අපේ සෙට් එක සැදී පැහැදී හිටියා මෑන්ස්ට (සුද්ද) සිංහල ටිකක් උගන්නන්න.

ඊට පස්සෙ ඕන් කොළඹ ආවාම තමා මීටර් උනේ කෙලියා තාප්පෙට ඉන්ටනෙට් නෑ නේද කියල, අකුනු පාරට LED එකයි LCD එකයි ෆෑන් එකකුත් ගිහින්.
දැන් ඕන් යතා තත්වෙන් ඉන්නවා.

එනිවේ, මේ මෙලෝ රහක් නැති කතාව කියෙව්වාට  තැංකූ මම කැපුනා ජය වේවා!