Jun 19, 2018

මරණෙන් පසු..

"මේ මොන චාටර් ජීවිතයක්ද? ජීවත් වෙලා වැඩක් නෑ"  මමම කියාගත්තෙ බ්ලේඩ් එක අතට ගන්න ගමන්, මගෙ ආසම බියර් බෝතල් කිහිපෙත් බාස්කට් එකේ  දාගෙන කවුන්ටරේට යනගමන් සිගරට් ගන්නවදෝ හිත හිත ඉදලා "නෑ ඕන්නෑ" කියාගෙන බිල් කරගෙන එලියට ආවා.

නොදැනුවත්වම වගේ ඇවිත් තියෙන්නෙ මම ආසම කෑම කඩේ ගාවින්..

"යකෝ මැරෙන්න යද්දිත් කනබනේ තොට.. ඒකට වෙලාව තියනවා?" මම මගෙන්ම අහගත්තා..
"හරි හරි, අන්තිම වතාවනෙ කට කට, මම කොහොමත් පොඩි කාලෙ ඉදලා ආස තැනනෙ"

----------------------------------------------------------------------------

එයා හොදට නාගත්තා, ටවල් එක ලස්සනට එල්ලුවා, ආසම කොට කලිසම ඇදගත්තා.
සීරුවෙන් ඇවිත් ඇදේ ඉදගත්තා..

බිම තිබ්බ බෑග් එකෙන් බ්ලේඩ් එක අරගෙන ඇදේ හාන්සි උනා..

"ඒක රිදුනා, කමක් නෑ, ඉක්මනට මේක ඉවර වෙයි නෙ" එයා එයාවම සනසගත්තා..

බ්ලේඩ් එක විසිකරන ගමන් එයා අත්දෙක බැලුවා, ඇගිලි පුරුකෙන් පුරුක දැනෙන නොදැනෙන ගානට යනවා, ඒක රිදෙනවා තමා, නමුත් හිත ඇතුලෙ තියන රිදිල්ල ඊට වැඩී, ඇද දෙපැත්තෙන් ලේ වැක්කෙරිලා, මුලු ලෝකෙම තරහා වෙලා..

"කෑම මරු එතන.. මැරෙන්න යද්දිත් කන එක.. පුදුම කෙලියක්නෙ මේක.." එයා එහෙම කියාගෙන අහිංසක විදියට හිනා උනා.
----------------------------------------------------------------------------

මුලු ලෝකෙම නිශ්ශබ්දවෙලා වගේ.. මේසෙ උඩ තියන අත් ඔරලෝසුවේ සද්දෙ ඇහෙන තරමට මූසල විදියට නිශ්ශබ්ද වෙලා.. කනට හෙන වදයක් වෙන තරමටම..

"කොච්චර වෙලාවක් ගිහින්ද දන්නෑ, ඔලුව ඇද ඇතුලට බැහැලා වගේ, නැගිටගන්න පණ නෑ, මම මැරිලද? නෑ වෙන්න බෑ, මොකද කෑම එකේ රහ සුවද තාම තියනවා" නොඉවසිල්ලෙන් වහලෙ දිහා බලලා ඒ කෑම ගැන කල්පනා කරන්න ගත්තා..

"කවද්ද මම මුලින්ම මෙතන්ට ගියේ? අම්මයි තාත්තයි පොඩි කාලෙ එක්කගෙන ගියා.. ඇයි ඇන්ජි? එයා එක්ක හැම මාසෙම ගියා.. පොඩි කාලෙ ඉදලම මාර බැදීමක් මේ තැනත් එක්ක තියෙන්නෙ.."

"අම්මයි තාත්තයි මට ආදරෙයි, එහෙනන් ඇයි මට මෙහෙම උනේ? ඇන්ජි? නෑ නෑ ඒ කෙල්ල නෙමේ" මේ වෙලාවෙ ඒවා ගැන හිතන්න බෑ, මේක ඒවා ගැන කල්පනා කරන වෙලාව නෙමේ, ආපහු හැරෙන්න පුලුවන් දෙයක් නෙමේ කරගත්තෙ..

----------------------------------------------------------------------------

විනාඩි 30ක් විතර ගියා.. එයා දුර්වලයි, කවදාවත්ම වෙලා නැති විදියට දුර්වලයි.එයාගෙ ජීවිතේ එයා කරපු කියපු සියල්ල මුල ඉදලා අගටත්, අග ඉදලා මුලටත් පේන්න ගත්තා.. ජීවිතේ එච්චර නරක නෑ කියලා එයාට තේරුනා.. නමුත් පරක්කු වැඩී.. හරියටම නිශ්ශබ්දතාවය අහගෙන හිටියොත් ඇත්තටම නිශ්ශබ්දතාවය කන් අඩි පැලෙන තරම් සද්දෙයි කියලා එයාට දහස්වාරයකට වඩා තේරුනා..කැපුම් රිදෙනවා, අත් දෙකම දැනෙන්නෙ නෑ..

----------------------------------------------------------------------------

පැයක් ගියා... එයා එයාගෙ ජීවිතේ සියලුම මතකයන් අවදිකරගෙන ඒවා රස විදිනවා.. ජීවිතේ කොච්චර ලස්සනද? කොතනද වැරදුනෙ? මුල්ම මතකයන්, දෙමාපියන් එක්ක ගිය තැන්, යාලුවො කොච්චර හිටියද? ආදරණිය පෙම්වතියයි එයා එක්ක කතා කරගත්ත දේවල්, දුවෙක්, ලස්සන ගෙයක් හදන ආසාව, සල්ලි දීලත් හම්බවෙන මෝඩ බල්ලා, ලෝකෙ වටේ ඇවිදින්න තියන ආශාව, හැම දෙයක්ම මිටියකින් ගහනවා වගේ ඔලුවට වදිද්දි ඇයි හිතුනෙ ජීවිතේ මෙතනින්ම ඉවරකරගන්න?

"බෑ!!!! මට මැරෙන්න බෑ, මාව බේරගන්න!!!" කෑගැහුනෙ ඉබේටමයි..

එයාගෙ හදවත ගැහෙනවා ජීවිතේ කිසිම දේකදි නොවුන ගානට... හදවතට දැනිලද කොහෙද තව දුරටත් එයාවත් අවශ්‍ය නැති බවට..

"මට මැරෙන්න බෑ" කෑගැහුනෙ ඇඩිල්ලක් එක්කයි.

ජීවිතේ කිසිම දවසක දැනුනෙ නැති වේදනාවක්, හරියට ලෝකෙ වටේ දුවලා ආවා වගේ මහන්සියක්.. හෙලවෙන්නවත් බෑ, ජල පහරක නොසෙල්වී තියෙන කලුගලක් වගේ හිර වෙලා.

ආයි කෑගහන්න ඕනෙ, ඒත් උගුරෙ යමක් හිරවෙලා වගේ, කවුරුහරි ඒ අන්තිම හුස්ම යන්න දෙන්නැතුව අල්ලගෙන ඉන්නවා වගේ.

ඔරලෝසුවේ කට්ට යන්නෙත් පරක්කුවෙලා වගේ..

මේක තමා අවසානය.
----------------------------------------------------------------------------

එයා නැගිට්ටා ඊලග දවසෙ.

ජීවිතේට දැකලා නැති කාමරයක්, ලස්සනයි, මේක අපායද ද්ව්‍ය ලෝකෙද, නැත්තම් අතර මැද තැනක්ද මොකද මෙච්චර එලිය තියන ලස්සන කාමරයක් දැකලා නැති තරම්.

අත උස්සන්න බැලුවා, නමුත් ඇහැ නතර උනේ අත් දෙකයි කකුල් දෙකයි ඇදට ගැටගහලා තියන විදිය, සේලයින් දෙන විදිය දැක්කාම තේරුනා ඉන්නෙ ඉස්පිරිතාලෙ කියලා.

ඔහු වටපිට බැලුවා, ඇගේ තිබ්බ සියලුම ශක්තිය දහනය කරලා බැලුවා..

----------------------------------------------------------------------------

මගෙ අම්මා මගෙ එහා පැත්තෙ හිටියා, තාත්තා හිටියා, යාලුවො දෙන්නෙක් හිටියා, ඇන්ජිත් හිටියා, හැම කෙනාම අඩනවා..

ඒ අය ඇහුවෙ, ඒ ඇස් වල තිබ්බෙ එකම එක ප්‍රශ්ණයයි.

"ඇයි?"