Aug 20, 2011

එළුවෙන් තො. තා. වි. (හෙලුවෙන් නොවේ)

සුද්ධා රට ආක්‍රමණය කිරීමට පෙර තැනූ තොරතුරු තාක්ෂන ප්‍රශ්න පත්‍රයකි!
1. ජනේල හත ස්ථාපනය කිරීම සදහා පරිගණකයක තිපිය යුතු අවම නිකරු පෙවෙස් දාගැබ ගිගාබද්විත කොපමණද ?
2. මුහුයත්නය හැර අන්තර්ජාලය වෙත සම්බන්ධ වීමට භාවිත කල හැකි එක් උපකරණයක් නම් කරන්න
 
3. ජාලතැන්නක් සැකසීම සඳහා අධි ලිඛිත සැකසුම් යුත් බස හැර භාවිතයට ගත හැකි වෙනත් බසක් නම් කරන්න
 
4. ජනේල හතේ කාර්‍ය පටියේ සහ ජනේල ඇක්ස් පී හි ඇති කාර්‍ය පඉටියෙහි ඇති වෙනස් කම් දෙක් සඳහන් කරන්න 
5. පරිගණකයෙහි අතුරු දැල් සම්බන්ධන ගිනිවැටියක් භාවිතා කරන්නේ කුමක් සඳහාද ?
 
6. පරිගණකයට කේන්ද්‍රික ක්‍රියා වර්තක ඒකය මගින් සිදු වන කාර්‍ය පැහැදිලි කරන්න.
 
7. මුද්‍රණ යන්ත්‍රයක් සඳහා කඩ රඳුවෙන් ඉටු වන සේවය පැහැදිලි කරන්න.
 
8. අසමැති අංකිත දායක වැල් සම්බන්ධතාවයක් යනු කුමක්ද ?
 
9. අන්තර්ජාල ප්‍රදර්ශක මෘදුකාංග සඳහා නිදසුන් 2ක් දෙන්න
 
10. වෙබ් තැන්නක ඇති බන්දයක් මත කිලිකන්න කල විට කුමක් සිදු වේද ?
 
10 ‍x 10 = 100 බැරිමනන් කියන්න මම සිංහල මාක්ගෙන් අහලා කියන්නන්.

Aug 14, 2011

කොරෙස් ඩී සහ නෙට්ටො!

නො. අන්කල් :- මචන්.. ඔය සැන්ඩි කියන්නේ මොකෑ...??
 
බො. අන්කල්:- ඇහැ.. ඔය රහ පැන් කට හාද්දි ඒකේ සැර බාල කොරන්ට ගන්න එව්ව බං... 
නො. අන්කල්:- ඒක දන්නව බොල... මං අහන්නෙ ඒවලට ගන්නෙ මොන මොන ජාතිද කියලා...
 
බො. අන්කල්:- තො ඉතින් එහෙම අහන්ට එපෑය.... ම්ම්ම් වතුර, සෝඩා, කොකා කෝලා, පෙප්සි වගේ එව්ව තමා ඉතින්....
පවියා:- (කතාවෙ මැද්දට් පණිමින්...) ඇයි නෙට්ටො...
 
බො. අන්කල්:- හැක් හැක්.. පුතාට මේවා තේරෙන්නෙ නෑ.. අපි මේ කතා කරේ නිකම් බීම ජාතති ගැන නෙමේ.... මේ සැන්ඩි කරන බීම ජාති ගැන...
 
පවියා:- ඉතින් ඒක තමා මාත් කිව්වෙ... කොරෙක්ස් ඩී සැන්ඩි කොරන්ට ගන්නෙ නෙට්ටොනේ... :P
 
බො/ නො. අන්කල්ලා:- @#%$#&^%**&($#$

ශාන් කොලුවට මේදාවි නංගිගෙන් ලියුමක්

මෙයා පිටිසර ගමක හැදිච්ච දුප්පත් ගෑනු ලමයෙක්. එච්චර අකුරැ සාස්තරේ බෑ. ඔය ඉස්සෙල්ලම තියෙන්නේ එයා එවපු ලියුම. ඊට පස්සේ ඔන්න ශාන් ට්‍රාන්ස්ලේට් කරපු එක තියෙනවා.


දොරේ ගලන ආදාරයෙන් ලියමී..


මං බාත් තාල දැං ආවෙ. සීරිපලයියත් අද ඇවිල්ලා ගියා. මං ගොනං ගත්තෙ නෑ. බේබෝ.. මේ රා හරිම සුවඳයි. හරිම රෝමටික්. මේ සුවඳ දීගේ ඔයත් එන්න. ඔයාට හිරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දර කඩන්න වෙයි. වහලු නවයි. ඔයා පට් එක අරං ආප්ප ගෙදර එන්න. අපේ පපීගෙන් මාව ඉල්ලන්න. ඔයා කලින් මිනිහෙක්නේ. කාක්කටත් දවන්න බලාගෙන එන්න. මකද එයා පුස්කෝලෙ ගයි. වට් තිබ්බට කෙමක් නෑ. එන්න. මං බීලා සිටිමි.


මම ඔයාගේ රං කැඳ...
ලවුලි ගලේ මදාවි...........



කොහොම හරි ඉතිං ඔන්න වචන ගලපගෙන බලද්දී එන්නෙ ඔහොමයි.

දෝරෙ ගලන ආදරයෙන් ලියමි..

මං බාත් කලා. දැං ආවේ. සිරිපාල අයියත් අද ඇවිල්ලා ගියා. මං ගනං ගත්තෙ නෑ. බබෝ... මේ රෑ හරීම සුවඳයි. හරිම රොමෑන්ටික්. මේ සුවඳ දිගේ ඔයත් එන්න. ඔයාට හොරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දොර කඩන්න වෙයි. විහිලු නෙවෙයි. ඔයා ෆිට් එක අරං අපේ ගෙදර එන්න. අපේ පප්පාගෙන් මාව ඉල්ලන්න. ඔයා කෙලින් මිනිහෙක්නේ. කෝකටත් දුවන්න බලාන එන්න. මොකද එයා පිස්තෝලෙ ගයි. වෙඩි තිබ්බට කමක් නෑ. එන්න. මං බලා සිටිමි.

මම ඔයාගේ රං කඳ...
ලවුලි ගර්ල් මේදාවී.........

මම දැකපු හීනයක්...

කොහොමද?, මම ආයි නුවරඑලියට ගියා වැඩ වගයකට. ඊයෙ මම හීනයක් දැක්කා, තේරුමක් ඇත්නම් දන්න එක්කෙනෙක් කියන්න ඇයි මම එහෙම දැක්කෙ කියලා.

මුලින් මම ගියා මගේ පරණ ලව් එක නෙතූගෙ ගෙදර, කීප දෙනෙක් ඇවිල්ලා මාව අල්ලගත්තා ඇතුලට යන්න දෙන්නැතුව.
කියපු ඒවා මතක නෑ නමුත් මම පෙරලගෙන ඇතුලට ගියා. ගිය ගමන් දැක්කෙ නෙතූ නිදාගෙන ඉන්නවා.
මම දන්නෑ මම එතනට ගිහින් ඔලුව තියාගෙන ඇඩුවා. ටික වෙලාවකට පස්සෙ අංකල් ආවා, ඇවිත් කිව්වා පුතා දැන් යන්න, මම මෙයාව බලාගන්නන් කියලා.
මම නෙතූට කිව්වා, මම එනවා ඔයාව එක්කගෙන යන්න කියලා. එච්චරයි මතක, ඊට පස්සෙ මම නැගිට්ටා වගේ තමා මතක.

මටත් පික්සු නැත්තන් හොදයි නේද?