Aug 6, 2012
ඕල් ටයිම් ෆේවරිට්ස් - ඇම්ඩා! 1
Aug 5, 2012
කතා කතා කතා 15+
වරෙන් පූල් පාරක් ගහන්න,
සල්ලි තියනවැයි??
ඕ තීනවා රුපියල් 10ක් එතනට යන්න.
ඕක තියාගෙන ඉදගනින් :P
Jul 23, 2012
ලට්ට ලොට්ට
ඇපලේන් අද හොදටම වැඩ ගත්තෙමි, බ්ලොගක් තියනවා කියල මතක් උනේ පාරෙදි ගෝල්ඩ් පිස් සෙට් උනාට පස්සෙයි. ඔව් ඔව් අර වල් මාලුවා!
සැහ් ඒ අස්සෙ මමද කොහෙද ජෙන්ටා ගහලා ක්ලාස් එකට ගිය එකම එකා, අනිත් එවුන් කැපා ගහලා, ඒ ඉලව් අස්සෙ ඇන්ටි කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා අයියෙ මේක නේද ක්ලාස් එක කියලා, සංසාරේ එපා වෙනවා ඩෝහ්!
කොහෙද ඉතින් ජපං ඉගෙනගන්නම කිව්ව නිසා ඉගෙන ගන්නවා.
ඒ අස්සෙ මේ ක්ලාස් එක උගන්නන අස්සෙ ෆෝන් එලියට ගන්න බෑනෙ, කොහෙද යන උලමෙක් කෑගැහුවෙ නැතෑ "අඩෝ අයිපෝන් එකක් නේද" කියල. අර හොල්මන නොබලපු ටික විතරයි!
ඒ අස්සෙ මගෙ AC/DC ඇල්බම් කටු ටික iTunes වල තිබිලා හොයාගත්ත, සතුටෙ උපරිම එක!
උදේ පාන්දරම කන පුපුරන්න දාගෙන ඉතින් එලියට බැස්සා.
හ්ම්ම්ම් පට්ට රස්නෙයි එලියෙ, කාමරේට වෙලා ඒසී එක යට රබර් කොට්ට උඩින් ඔලුව තියාගෙන ඉන්න සනීපෙ පාරට බැස්සාම නෑ,
අම්මා කිව්වා වගේ බෙන්ස් වල ප්‍රාඩො වල ගියානන් දැන් තනියම කට්ට කාලා වැඩ කරන්න පුරුදු වෙන්නලු. ඒකත් ඇත්ත.
ඒහ්.. ඇත්තද බං 2012 අන්තිම හරියෙ ලෝක විනාසෙ කියන්නෙ?? බලපන්, මේ අවුරුද්දවත් නෑනෙ ෆන් එකක් ගන්න ටයිම් එකක්....
වාහන කෑලි වගයකුත් හෑව්, විකුණගන්නත් ඕනෙ..... උදේට කෑවෙත් නෑ, සසකාවා හෝල් එකේ ක්ලාස් වැටුනා :/
කෙල්ලෙක් නැති පාඩුව දැන් බොක්කටම වැදෙනවා, නැගිට්ටවන්න, හදීසියකට ක්‍රෙඩිට් ශෙයා කරන්න කොටින්ම ක්ලාස් ඉවර වෙලා සෙට් වෙන්න... පට්ට කම්මැලි කාලයක්!
ඒ බං, එක්ස් බොක්ස් 360යට ගේම්ස් තියනවද ඔරිජිනල්?? ....... මොකා??...... 8900ක්?? මගෙ අතේ තියෙන්නෙත් 4යි! :O
උබලා ගසා කනවනෙ?? නෙක්ස්ට් වීක් මට හේලො රීච් එක ගෙනල්ලා තියන්න එහෙනන්!
ඊයෙ රෑ කෑවා peanut butter එක්ක ජෑම් පාරක්, පට්ට රහයි, මුලදි අජූතයි, පස්සෙ රහයි.... ඒත් ඉතින් උදේට බඩේ රඟේ දැනුනාම තමා ෆන් එක.
සසකාවා හෝල් එක එහා පැත්තෙ බීච් එක, සිගරට් එකක් ගහන්න පංකාදු හරිය, ආමි එකේ සෙට් එකකුත් ඉන්නවා, මොනව උනත් කාගෙ හරි සහෝදරයෙක්නෙ, මිනිහටත් ගෙනල්ලා දෙනවා ඊලඟ පාර!
ඔන්න ඔහොමයි මගේ ජීවිතේ, රැල්ලට යනවා, ගංවතුරට ගලනවා! සුනාමියට දුවනවා :D :D
එහෙනන් ජය වේවා! මම කැපුනා :D
Jun 18, 2012
ජංගියේ ආතල්
ඕන් ඉතින් අපි ගියා නෙව මාතර. (පොටෝ ටික බලපල්ලා)එහෙදි අපෙ මාමගෙ පොඩි එකා ඇතුලු හෙන පොඩි එවුන් ටිකක් සෙට් උනා, මමත් ඔය සයිස් එකෙන් පොඩි නෙව. කොහොමින් කොහොම හරි කතාවට එන්ටැර් වෙමු ඈ.
ඕං ඉතින් අපෙ මාමාකාරයගෙ මගුල ඉවර වෙලා කස්ටිය නිදාගන්න ලෑස්ති උනා. අර පොඩි එකා වෙන මාමෙක්ගෙ ඈ, උයි තව එකෙක් හිටියා හාමු කියලා උත් මගේ කාමරේ උන් සෙට් එක පදමට බියර් ගහලා මම වයින් එකහමාරයි, බියර් දෙකයි, ඕල්ඩ් කෙග් සූට්ටකුයි ගහලා නිදාගන්න ලෑස්ති උනා,
ඔය අස්සෙ මහ රෑ මට සූටි බරක් ආවා. ඒකත් බුරුල් කොරගෙන කාමරේට එද්දි අරුන් වැටිච්ච වැටිච්ච තැන් වල නිදි දන්නැද්ද මංතුමා ගැන මට සූටි කික් එකක් ආවා රෙදි කූඩයක් දැකලා. අෆ්ෆට බොල ආච්චි ඉතාලියේ ඉදලා එවපු ඇදුම් ගොඩේන් එක ලොට් එකක්, ලොට් එකේ ඔක්කොම ජංගි.
මුන් ඊට කලින් දවසෙ අපි ඔක්කොටම පොන්ඩ් එකේ වතුරෙන් නෑව්වා. ඉතින් මම දුන්නා උන් දෙන්නට ගේම ඇන්දුවා ජංගි. එහෙනන් බලන්නකො