Sep 30, 2011

පොත් පදර්සනේ බලන්න ගිය අපි 2

මංතුමා - හෙලෝ,
නඟා - මල්ලි ඔයාලා කොහෙද ඉන්නෙ?
මං- හදේ! BMICH බං, දැන් ආවෙ, එනවැයි දැන්?
නඟා - මං තාම ...... එකේ, පොඩ්ඩක් පරක්කුවෙයි, මං එනකන් ඉන්න හොදේ!
මං - හෑ, හා හා, ඉන්නංකො

(* මඩ ටික අන්තිමටම ඇත ;] )

Sep 23, 2011

පොත් ප්‍රදර්සනේ බලන්න ගිය අපි.. 1

ට්‍රීං ට්‍රීං.. ට්‍රීං ට්‍රීං.. (ඇක්සුවලි ඒක මෙන්න මේක)

මංතුමා - හලෝ!....(ඇද්දා)
එහා පැත්තෙ එකා - නැගිටපන් යකෝ!
මංතුමා - කියපන් බං මම නැගිටලා ඉන්නෙ!
එ.පැ.එ. - එද්දි මට කලිසමක් අරගෙන වරෙන්!
(මේ මොන සෙද්දක්ද, උදේ පාන්දර කලිසම්??)
මංතුමා - හෑ කවුද බං මේ??
එ.පැ.එ - යකෝ මං පවියා!

Sep 20, 2011

දෙකොපුල් කදුලින් තෙමා - ළහිරු ...


දෙකොපුල් කදුලින් තෙමා තොල් පෙති නලලත තබා
නික්මුණ දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ
සුහදිනියේ
මින්පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති
මේ කදුලු ගංගා ඉමේ කොතැනක හෝ
මගෙ ජීවිතේ ඉකිබිදී ඔබේ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදි මගේ පපුතුරෙ නුඹ හිදි
ලංවෙන්න වෙන්නෙනම් නෑ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ

සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇති
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැනක පිපී
හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි

ඔබෙ ඉහින වල මා හිදි මගේ සිහින වල ඔබ හිදි
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ
දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා
නික්මුන දා හිස සිඹ මා ලතැවෙමි රෑ තුන් යාමේ

කලින් මම දැම්ම පෝස්ට් එකේ තිබ්බෙ මැසේජ් එකත් එක්ක මේ සිංදුව තිබ්බා. අනේ මංදා මේ සිංදුව TV එකේ ඇහෙද්දි නාට්‍යක මගේ ඇඟේ මයිල් ස්මයිල් උනා.

ඇත්තටම ඒ කෙල්ල මොකද මේ සිංදුවම මට එවන්න හිතුවෙ?
බොන්න ඕනෙ ප්‍රශ්ණයක්  
එක්කො මම බිව්වා ඇති

හෆ්ෆේ අදවත් පෝස්ට් එක ඉවරයක් කොරන්න ඕනෙ! දෙපාරක්ම එඩිට් කොරා ;)

මේ සිංදුවට මලියගෙ ඇස් වල කදුලු පිරෙව්වා, හැබැයි එකක්වත් වැටෙන්න දුන්නෑ :)
ඒ ඒවා වැටෙන්න හොද නැති නිසා වෙන්නම ඇති!

Sep 13, 2011

මට ලෝබයි... ලෝබයි වෙන කෙනෙක්ට ඔයාව දෙන්න..

මට මොකද්ද කරන්න කියන්නෙ?, කියල දෙන්න. එයා දන්නැතුව ඇති මට ආයි අසනීප වෙලා කියලා. ඒ අස්සෙ මට මේල් එකක් එවලා, සිංහලෙන්ම එවලා තියනවා. මෙයා දන්නැති උනාට මම මෙයාව දන්නවා හුඟ කාලෙක ඉදලා. නමුත් මට හැමදෙයක්ම එපා වෙලා තිබ්බ කාලෙදි මට මඟ හැරුනා. නමුත් මම ආයි අතඅරින්නෑ. එයා මගේනන් මගේ විදියටම ඉදී!


"අනිත් හැම දේටම වඩා ඔයා බොන්නෙ නෑ කිව්ව පොරොන්දුව නොකඩ ඉන්න පුලුවන්ද? පින් සිද්දවෙයි! අපිට කැමති දේවල් අපේ ජීවිතේට එකතු වෙන්නෙ ගොඩක් කලාතුරකින්......