Oct 1, 2014

පිටරට විස්තර මෙව්වා

කොච්චර වාහන තිබ්බත් බස් එකේ ගත්ත ආතල් මෙහෙ නෑ,

කොල්ලො එක්ක සති අන්තෙ කොහෙ හරි වලක් බැස්සට ඒ ආතල් මෙහෙ නෑ,
රුපියල් 100ක් උනත් එහෙ එලියට බහින්න පුලුවන්, ඒ අඩු වියදම් මෙහෙ බෑ,
ගෙදර ආච්චි අම්මා උයන ලුණු නැති කෑම එකේ රහ මෙහෙ නෑ,
අසනීප උනාම අම්මා ලග තියන උනුහුම මෙහෙ නෑ.
ගෙදර ඇදේ තියන සනීපෙ මේ ඇදේ නෑ,
ලංකාව තරම් තවත් තැනක් මේ ලෝකෙ නෑ! 

Feb 14, 2014

ඇම්ඩගෙ පාඩම..

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු

Jan 7, 2014

තාත්තට දෙකක් තියනවා!!

ඔන්න අද ඇංඩර්සන් ලමයගෙ කතාවක්!
ඉස්කෝලෙ කියපු කතා හිටපු ගමන් මතක් වෙද්දි ටිසූ කොල වලත් ලියල ගෙදර අරගෙන එනවා බ්ලොගේ කොටන්න කියල කොහෙඩහ් සමහරක් එව්වා කලිසමේම දිය වෙලා..

වටේ දිව්වා ඇති කතාවට පනිමුකො..

ඔන්න ඇංඩර්සන් ඉස්කෝලෙ ලොකු පන්තියක ඉන්නකොට පන්ති භාර මැඩම්ට හිතුනලු මුං අල්ලං සෙල්ලන් කොරනව වැඩී, කියල දෙන්න ඕනෙ 18+ අද්දයාපනය (මමත් ඉක්කෝලෙ ගියෙ නෑ ඈ!) කියලා.

ඉතින් සදුදා උදෙම්ම ටීචැර් ගෙනාවලු ලොකූ....... පොටෝ වගයක් අවයව තියන.. 

ලමා..යි!!! වාඩි වෙන්ඩ!!! අද අති විසේස පාඩමක් කරන්ඩ තීනවා!!! ඔන්න ඉතින් එයාගෙ ගොරහැඩි සුකුමාල වොයිස් එකෙන් නිවේදනය කරාලු..

කෝම හරි ඔය බෝඩ් දැකපු ඇංඩා අද පන්තිය ඉස්සරාහින්ම වාඩි වෙලා හිටිය.. ඌ දන්නවා අද මොකක් හරි හත්තිලව්වක් වෙන්ඩ යන්නෙ කියල. දෙංනං ජම්බු කියල මූත් ඉස්සරහින් හිටියට ටීචැර් දන්නවා අද ගූ කේස් එකක් තමා කියල මූ ඉස්සරහ ඉන්න එක..


කොහොමින් කොහොම හරි ගත්තලු ටිං දෙකක්... නෑ නෑ පියයුරු දෙකක්..

ලමායි මේ මොනවාද?? ගුරුතුමිය අහනවලු.

ඇංඩං ගෙ කෙල්ල කිව්වලු ආ ඔය ඇංඩගෙ ආසම කෑමනෙ "බනිස්"!!

මොකක් කිව්වා!! "නෑ නෑ මිස්, පියයුරු.. අපෙ අම්මට, නැංදට දෙක ගානෙ තියනවා"

ආහ් මේක මොකද්ද?? යට කොටසක් පෙන්නුවලු..

ඇංඩගෙ හොදම යාලුවා කිව්වලු ආහ්, උත්ත, ඕක කොහෙන් බැලුවත් පේනවා දෙකක් විතර තියෙන්නෝනෙ  කියලා...

මල පැනලා කිව්වලු නෑ මේක"අර අවයවය" (මතක නෑ බොල) එකයි තියෙන්නෙ කියල..

ඊට පස්සෙ පෙන්නුවලු අහ-වල්ලක්..
















ඇම්ඩා පැනලා කිංව්ව අම්මට හුඩු ඕවෑයිං දෙකක් අපෙ තාත්තට තියනවා එකක් චූ කොරන්න අනිත් එක අපෙ අම්මගෙ දත් මදින්න කියලා!! 







Nov 23, 2013

අකීකරු හිතක වදන්!

ජීවිතය කියන්නෙ කවුරුවත් ලියපු කොලයක් නෙමේ ඒක අපිම ලියාගන්න ඕන දෙයක්, ඒක කාට කාටත් කුරුටු ගගා ලියන්න බෑ, ඒකට අයිතිවාසිකම් කියන්න තුන් දෙනයි ඉන්නෙ එයාලා ඒකෙ කුරුටු ගාන්නෙ නරකට නෙමේ, අම්ම තාත්තා ආරම්භය අරං දුන්නට පස්සෙ ඒ කොලේ පුරවන්න වෙන්නෙ අපිටමයි... පුරවද්දි යම් කාලෙකදි එනවා ඔයත් එක්ක තව කෙනෙක් ඒ කොලේක අනු-මාතෘකාවක් විදියට කෙල්ලෙක්, අන්න එතනදි එයාට උඩින් යන්නෙත් නැතුව පහල යනෙත් නැතුව ඉන්න ඕනෙ.. එයත් එක්ක තුන් දෙනයි, යලුවො ගත්තාම මම ජීවිතෙ කරපු ලොකුම මෝඩ කම කියලත් හිපුගමන් හිතෙනවා, උන් නැති කරපු දේවල් ගොඩයි, දෙයක් ලැබුනත් ඒ තාවකාලික සතුටයි බේබදුකමයි විතරමයි! 

බාදක ගොඩයි, ජීවිතේ ගැටගහගන්න තැන් ගොඩයි, මේ ලෝකෙ බඩගින්නෙ ඉන්න මිනිහට නෙමේ කන්න හම්බවෙන්නෙ කියල ඔලුවෙ තියාගෙන වැඩ කරන්න පුලුවන්නන් ඒකත් හොදයි! හිතේ දුකට කුරුටු ගෑවට මම දන්නෑ මගේම මේ දුක මොක්ද්ද කියලා, එක්කො මම හිතනව වැඩිද මන්දා, නමුත් නොහිතත් බෑ, හැම කෙනා කරන දේවල් බලාන නිකන් ඉන්නත් බෑ, දෙයකට විරුද්දව ක්‍රියාවක් ගත්තොත් කැලේ තිබිලා මිනිය හම්බුනා කියාවි! 

2:31 වෙලාව, වැහැලා පෑයුව විතරයි! සැප කියන්නෙත් එක්තරා දුකක් ඕයි! ඔනෙ වෙලාවට නෑ, අනිත් වෙලාවට තියනවා, ගෙයක් තියාගෙන වැස්සෙ තෙමෙන තරම් මෝඩයෙක් මම, ඒ මදිවට මගේ ලවට කෝල් එකක් ගන්න විදියක්  නෑ බිල් ගෙවල නෑ කියලා, රුපියල් 50ක් මාසෙ බිල. ඔන්න ඕකයි තත්වෙ...

ඉස්කෝලෙ යද්දි සිගරට් එක ගහල කාලක් ගහල ගියාට මොකද දැන් එහෙම කරන්නැත්තෙ පවුලගෙ බර බරේ නිසා, "තෝ හදලා ලඟට ගත්තෙ නරක මිනිහෙක් වෙනව දැකලා දාලා යන්න නෙමේ ඕයි" කියල කිව්වෙ කට කහනවට නෙමේ වෙන්ටැති! අනේ සුදූ කෝල් එකක් ගන්න විදියක් ඇත්තෙම නෑ...

හැමදාම මොකක් හරි වලියක් දාගෙන ගෙදර එනවා ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නෑ, කොටින්ම ගෙදර හිටියොත් නිකන් කාල නෑ වගේ, වෙන මිනිස්සු ගෙදර ඉන්න දගලද්දි මම ගෙදරින් පනින්නෙ කොයි වෙලාවෙද කියලා බලන්නෙ, දැන් උනත් වැස්සෙ පුටුවක් තියාගෙන ඉදගෙන හිටියෙ තාප්ප 4කින් වට වෙච්චි ගෙයි එහෙමටත් නිදහසක් ඇත්ද බලන්න, ඒත් හුඟක් සීතයි, අසනීප වෙලා කාටත් බරක් වෙන්න බැරි නිසා ඇතුලට ආවා...

ජොබ් එකක් කරන්නත් ඕනෙ, අපිට මොන කොලිෆිකේශන්ද, මිනිස්සු හිනා වෙනව තියන ඒවා දැක්කාම.. නමුත් අපි මිනිස්සු දන්නවා, හිඟන්නගෙ ඉදල ලොකු පුටු වලට යනකන් මිනිස්සු හම්බවෙලා තියනවා, උදව් ඉල්ලන්න බෑ, ඉල්ලල ලැබෙනවනන් කමකුත් නෑ.. මොන මගුලකටද..

පාලුව යන්නත් කියල පලවෙනි වතාවටද මංදා හිංදි ෆිල්ම් එකක් බැලුවා, ආශිකී 2, කරුමෙටම මේ කොල්ලා ගාවත් තියෙන්නෙ ලෑන්ඩ් කෲසර් ජීප් එකක්, මටත් තියෙන්නෙ ඒකක්.. කෙල්ලට "මේ" කියල අහලා "ඇයි මොකද" කියල කෙල්ල අහද්දි මම වගේම "නෑ නිකන්" කියල කියනව, ඔලුවට නිකන් පොල්ලකින් ගහල වගේ!  ඊටත් විස්කි?? ඇයි ඕයි විස්කිම!! මරාගෙන කාපිය මාව! ආයි හිංදි වෆිල්ම් නොබලමි! ආච්චිට හාල් ගරන්න එයා මම බොන එකත් නැවැත්තුවනෙ, අඩේ ඒ කියන්නෙ මාත් කොහෙන් හරි පැනලා එයාව තනි කරලා යන්න ඕනෙ කියන එකද?? නෑ ඒ බලු වැඩේ කරන්නෙ නෑ මම, මම එච්චර ආත්මාර්තකාමී වෙන්නෙ නෑ, එයා මට ආදරෙයි මම එයාට ආදරෙයි!

පාන්දර 3යි, තාම නින්දක් නෑ, ඇයි කියලා තේරෙන්නෑ, මාස ගානකින් නොබීව හින්දා වෙන්ටැති! පාලුවෙන් ගෙවන දුක් පිරුන ජීවිතේ හැරමිටියෙන් යනකන් තියෙන එකක් නෑ, දවසක දරුමල්ලො කිව්වොත් අපිව බරක් කියලා කොහෙ හරි යනවා, උන්ට බරක් වෙන්නත් බෑනෙ.. මම එහෙනන් ගිහින්  කෝපි එකක්වත් හදාගෙන එන්නන්, අඩන්න ඕනෙ ඒත් ඇඩෙන්නෙ නෑ, ඒක මාර අමාරුයි දරාගන්න.. හිතෙන් අඩනව ඇරෙන්න අමාරු දෙයක් තවත් නෑ.. "දුක පිට කරපන් බං, ඕක හිතේ තියාන ලෙඩ වෙන්න ඕනෙ නෑනෙ" කියල ලොකු මාමා කිව්වෙ හේතුවක් නැතුව නෙමේ!