Dec 31, 2010

සුභ නව වසරක් වේවා!

ලෙඩ මදිවට තවත් ලෙඩ කිව්වලු, බෙල්ලෙ පොඩි ගෙඩියක් ඇවිත් තිබිල ඉන්න බැරුව ඩොකා ගාවට ගියාම කියනව ඒක මිරිකල අයින් කරන්න කියල, හරි ඒකත් කරනව කියන්නකො මෙන්න මට ක්ලාන්තය වගේ අම්ම අහනව මොකො කියල නර්ස් අක්කා කියනව බෙල්ලේ තියන  නිසා ලේ ඔලුවට යන එක අඩුවෙනව එතකොට ඔහොම වෙනව කියල.අද තාත්තා ආවා මට ෆුල් හැපී. අලුත් ලැපකුයි, සැම්සන්ග් කෝබි එකකුයි. ඒ උනත් පොඩි දුකකුත් තියනව මගෙ පැටියට ගත්ත මුද්ද යවා ගන්න බැරි එක ගැන.

ඒ ගමන්ම මගේ ප්‍රාර්ථනය,
හෙටින් ආරම්භවන අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, වලි නොමැති, කරදර නොමැති, ආතල් බර,ආදරයට භාදා නොමැති, සොමියෙන් පිරී ඉතිරෙන නව වසරක් වේවා!

ජය වේවා!

No comments:

Post a Comment