Nov 23, 2013

අකීකරු හිතක වදන්!

ජීවිතය කියන්නෙ කවුරුවත් ලියපු කොලයක් නෙමේ ඒක අපිම ලියාගන්න ඕන දෙයක්, ඒක කාට කාටත් කුරුටු ගගා ලියන්න බෑ, ඒකට අයිතිවාසිකම් කියන්න තුන් දෙනයි ඉන්නෙ එයාලා ඒකෙ කුරුටු ගාන්නෙ නරකට නෙමේ, අම්ම තාත්තා ආරම්භය අරං දුන්නට පස්සෙ ඒ කොලේ පුරවන්න වෙන්නෙ අපිටමයි... පුරවද්දි යම් කාලෙකදි එනවා ඔයත් එක්ක තව කෙනෙක් ඒ කොලේක අනු-මාතෘකාවක් විදියට කෙල්ලෙක්, අන්න එතනදි එයාට උඩින් යන්නෙත් නැතුව පහල යනෙත් නැතුව ඉන්න ඕනෙ.. එයත් එක්ක තුන් දෙනයි, යලුවො ගත්තාම මම ජීවිතෙ කරපු ලොකුම මෝඩ කම කියලත් හිපුගමන් හිතෙනවා, උන් නැති කරපු දේවල් ගොඩයි, දෙයක් ලැබුනත් ඒ තාවකාලික සතුටයි බේබදුකමයි විතරමයි! 

බාදක ගොඩයි, ජීවිතේ ගැටගහගන්න තැන් ගොඩයි, මේ ලෝකෙ බඩගින්නෙ ඉන්න මිනිහට නෙමේ කන්න හම්බවෙන්නෙ කියල ඔලුවෙ තියාගෙන වැඩ කරන්න පුලුවන්නන් ඒකත් හොදයි! හිතේ දුකට කුරුටු ගෑවට මම දන්නෑ මගේම මේ දුක මොක්ද්ද කියලා, එක්කො මම හිතනව වැඩිද මන්දා, නමුත් නොහිතත් බෑ, හැම කෙනා කරන දේවල් බලාන නිකන් ඉන්නත් බෑ, දෙයකට විරුද්දව ක්‍රියාවක් ගත්තොත් කැලේ තිබිලා මිනිය හම්බුනා කියාවි! 

2:31 වෙලාව, වැහැලා පෑයුව විතරයි! සැප කියන්නෙත් එක්තරා දුකක් ඕයි! ඔනෙ වෙලාවට නෑ, අනිත් වෙලාවට තියනවා, ගෙයක් තියාගෙන වැස්සෙ තෙමෙන තරම් මෝඩයෙක් මම, ඒ මදිවට මගේ ලවට කෝල් එකක් ගන්න විදියක්  නෑ බිල් ගෙවල නෑ කියලා, රුපියල් 50ක් මාසෙ බිල. ඔන්න ඕකයි තත්වෙ...

ඉස්කෝලෙ යද්දි සිගරට් එක ගහල කාලක් ගහල ගියාට මොකද දැන් එහෙම කරන්නැත්තෙ පවුලගෙ බර බරේ නිසා, "තෝ හදලා ලඟට ගත්තෙ නරක මිනිහෙක් වෙනව දැකලා දාලා යන්න නෙමේ ඕයි" කියල කිව්වෙ කට කහනවට නෙමේ වෙන්ටැති! අනේ සුදූ කෝල් එකක් ගන්න විදියක් ඇත්තෙම නෑ...

හැමදාම මොකක් හරි වලියක් දාගෙන ගෙදර එනවා ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නෑ, කොටින්ම ගෙදර හිටියොත් නිකන් කාල නෑ වගේ, වෙන මිනිස්සු ගෙදර ඉන්න දගලද්දි මම ගෙදරින් පනින්නෙ කොයි වෙලාවෙද කියලා බලන්නෙ, දැන් උනත් වැස්සෙ පුටුවක් තියාගෙන ඉදගෙන හිටියෙ තාප්ප 4කින් වට වෙච්චි ගෙයි එහෙමටත් නිදහසක් ඇත්ද බලන්න, ඒත් හුඟක් සීතයි, අසනීප වෙලා කාටත් බරක් වෙන්න බැරි නිසා ඇතුලට ආවා...

ජොබ් එකක් කරන්නත් ඕනෙ, අපිට මොන කොලිෆිකේශන්ද, මිනිස්සු හිනා වෙනව තියන ඒවා දැක්කාම.. නමුත් අපි මිනිස්සු දන්නවා, හිඟන්නගෙ ඉදල ලොකු පුටු වලට යනකන් මිනිස්සු හම්බවෙලා තියනවා, උදව් ඉල්ලන්න බෑ, ඉල්ලල ලැබෙනවනන් කමකුත් නෑ.. මොන මගුලකටද..

පාලුව යන්නත් කියල පලවෙනි වතාවටද මංදා හිංදි ෆිල්ම් එකක් බැලුවා, ආශිකී 2, කරුමෙටම මේ කොල්ලා ගාවත් තියෙන්නෙ ලෑන්ඩ් කෲසර් ජීප් එකක්, මටත් තියෙන්නෙ ඒකක්.. කෙල්ලට "මේ" කියල අහලා "ඇයි මොකද" කියල කෙල්ල අහද්දි මම වගේම "නෑ නිකන්" කියල කියනව, ඔලුවට නිකන් පොල්ලකින් ගහල වගේ!  ඊටත් විස්කි?? ඇයි ඕයි විස්කිම!! මරාගෙන කාපිය මාව! ආයි හිංදි වෆිල්ම් නොබලමි! ආච්චිට හාල් ගරන්න එයා මම බොන එකත් නැවැත්තුවනෙ, අඩේ ඒ කියන්නෙ මාත් කොහෙන් හරි පැනලා එයාව තනි කරලා යන්න ඕනෙ කියන එකද?? නෑ ඒ බලු වැඩේ කරන්නෙ නෑ මම, මම එච්චර ආත්මාර්තකාමී වෙන්නෙ නෑ, එයා මට ආදරෙයි මම එයාට ආදරෙයි!

පාන්දර 3යි, තාම නින්දක් නෑ, ඇයි කියලා තේරෙන්නෑ, මාස ගානකින් නොබීව හින්දා වෙන්ටැති! පාලුවෙන් ගෙවන දුක් පිරුන ජීවිතේ හැරමිටියෙන් යනකන් තියෙන එකක් නෑ, දවසක දරුමල්ලො කිව්වොත් අපිව බරක් කියලා කොහෙ හරි යනවා, උන්ට බරක් වෙන්නත් බෑනෙ.. මම එහෙනන් ගිහින්  කෝපි එකක්වත් හදාගෙන එන්නන්, අඩන්න ඕනෙ ඒත් ඇඩෙන්නෙ නෑ, ඒක මාර අමාරුයි දරාගන්න.. හිතෙන් අඩනව ඇරෙන්න අමාරු දෙයක් තවත් නෑ.. "දුක පිට කරපන් බං, ඕක හිතේ තියාන ලෙඩ වෙන්න ඕනෙ නෑනෙ" කියල ලොකු මාමා කිව්වෙ හේතුවක් නැතුව නෙමේ! 

Jul 7, 2013

ප්‍රවුඩ්ලි මේඩ් ඉන් සිරි ලංකා!!

"ආ මහත්තයා එන්න!! මේ වාහන, ලෝකෙ වෙන කොහෙවත් නෑ අපේ ඩීලර්ස්ලා ඉන්නෙත් ලංකාවෙ විතරයි!"

ඒ 2020දී මහිංද මහත්තයා ලංකාවට හදුන්වා දුන්න පැට්‍රල් නැතුව කරන්ට් එකෙන් දුවන වාහන අලෙවි කරන කොම්පැනියක මහත්මයෙකි.

"මේ කාර් කොහෙද හදන්නෙ? අමු ද්‍රව්‍ය එහෙම?" ඒ වාහනේ ගන්න ආපු සාමාන්‍ය ජනතාවය. (මිනිහෙක් ඈ)

"ඔක්කොම ලංකාවෙ, නැතුව අපිට මෙච්චර අඩුවට කාර් එකක් දෙන්න පුලුවන්ද?? අපි ඊටත් ලැම්බොගිනි ආයතනයෙ සබ්සයිඩරී ආයතනයක්, ඒ ඩිසයිනටම කතා කරලා මහිංද මහත්තයා මේ කොම්පැනිය ඕපන් කරේ"

"ඇත්තනේ, මේ මනුස්සයා නැත්තන් ලංකාවට යන කල මොකද්ද, චංද්‍රිකාගෙ ආන්ඩුවෙන් පැට්ට්‍රොල් රුපියල් 5කින් වැඩිකරාම මිනිස්සු පෙලපාලි ගියා කියල අපේ තාත්ත මට කිව්වෙ. ඒත් මහිංද මහත්තයා හිටිය අවුරුදු ගානෙම පැට්‍රොල් 100%කින් වැඩි කරලා ඊට මාස දෙක තුනකින් ලයිට් බිල් 40% කින් වැඩි කරල දැම්මත් මිනිස්සු එයා ගැන නොහොදක් කතා කරේ නෑ, හරි සෝක් මනුස්සයා." වාහනේ බලන්න යන ගමන් ඔහු හිතුවේය.

"මහත්තයා මම ගාව දැනට මේ මොඩල් වලින් තියනවා, ලංකාවෙ ලැම්බොගිනි පාවිච්චි කරන්න ගත්තට පස්සෙ ඉතින් ලංකාවෙත් ෆැක්ටරියක් දැම්මා, මහිංද මහත්තයට පිං!" එසේ කියමින් ඔහු වාහන පෙන්නන්න විය. ඒවා මහිංද මහත්තය ලඟ වැඩ කරන අයගෙ නම් ගාවා ඇති බවට ඉන්දියාවේ සිට මවුබිමට පැමිනි ඔහුට පසක් විය!

"මහත්තයා මේ පලවෙනි කාර් එක, මේක තමා ලංකාවට මුලින් ගෙනාපු කාර් එක, ලැම්බොගිනි ගලාඩෝ!
ලක්ස 150යි, වැඩිය නෑ, අඩු පොලියට ගෙනියන්න දෙන්නන්. තාම අපේ ෆැක්ටරියෙන් එලියට ගෙනිහිල්ලා නෑ. නාමල් මහත්තයා දවස් දෙකක් තුනක් පැද්දා එච්චරයි"

"මොකක් උනත් නාමල් බේබි පැදපු භාන්ඩයක් කියන්නෙ, සිම්පල් නෑ" ඒ ඔහුගෙ සිතුවිල්ලයි.

"මහත්තයා මේ අනිත් එක, ලැම්බොගිනි "ජොනීට" ඇරපන්'ඩෝ, හැම මාසෙම ලක්ශ 20ය ගානෙ මාස 24කට ගෙවන්න ගන්න පුලුවන්, තව බැටරි එකෙන් වැඩ කරන නිසා ගෙදර ලයිට් බිලට හැම මාසෙම ලක්ශ 1.5ක් විතර එකතු වෙන්න පුලුවන්, තව මේ වාහනේට මාසිකව බද්දක් වැටෙනවා රජයෙන් 50,000ක. ලස්සන මොඩල් එක"

"ඔව් නේ, අපි අනිත් ඒවත් බලමුද?" ඒ ඔහුගේ පිලිතුරයි.

"මේ තියෙන්නෙ රනිල් මහත්තයා මතක් වෙන්න ගහපු මොඩල් එක, ලැම්බොගිනි අපිට පාං'දෝ. රනිල් මහත්තයගෙ වචනෙක කවදාවත් ''මම'' නැති නිසා ඒ මොඩල් එකට එහෙම නම දාන්න කියලා ශිරංති මැතිනය කිව්වා. මාසෙකට 30ගානෙ මාස 24ක්, ලයිට්  බිල් එකට ලක්ශ 2ක් බැටරි කැපෑසිටි එක වැඩි නිසා, හැබැයි අද්දනව හොරයි. රජයේ මාසික බද්ද 10,000යි. මාර ලාබයි, එහෙම බැලුවාම" මේකවත් ගනීදෝ කියලා හුස්මක් ඇරපු සේල්ස් මෑන්'ය

"ලේසි නෑ නේ, අපි ඊලඟ එක බලමු" වාහනේ වටිනා කම අනූව නමද තියෙන්න ඕනෙ නිසා ඔහු එසේ කීය.

"මේක මහත්තයා රජතුමා රජයේ ඇමතිලා වෙනුවෙන් ගහපු එකක්. අවුරුද්දට ලක්ශ 25යි අවුරුදු 25යි. වාහනේ චාජ් කරද්දි ගෙදරට බිලක් එන්නෑ, ඒවා නිකන්, බැටරි කැපෑසිටි එක වැඩිම මේවෑයෙ.
මේක "ජනතාවට හිකෙන්ඩො" කියන මොඩල් එක.... දැනට වැඩියෙන්ම සේල්ස් තියෙන්නෙත් මේකෙ.

මහත්තයට පෙන්නලා වැඩක් නෑ නමුත් අපි මහ ජනතාවට දෙන සාමාන්‍ය මිනිහට දෙන වාහනයක් තියනවා, මාසෙට ලක්සෙ ගානෙ ජීවිත කාලෙම... වාහනේ නම "පලයන්ඩෝ" ඉස්සරහට එන හැම ආන්ඩුවම මේ වාහනේ ජනතාවට සහන මිලට අරගෙන දෙනවා....




ඔලුව රිදෙන්න ගත් බැවින් ඔහු එලියට බැස්සෙ හිටපු රටටම යන අටියෙනි...

May 4, 2013

චාමර & ආප්ප තොප්පිය

ආයුබෝං කිව්වා, කාලෙකිං මේ පැත්තෙ ආවෙත් නෑනෙ :) කෝමෙයි කස්ටියට. කඩාගෙන බිදගෙන ආපු එකේ මෙන්ඩ උස්සපු කතාවක්, ලිව්වෙ වජී, ඉස්සුවෙ මලියා :D

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...

Mar 19, 2013

ලංකාව හා අපාය

ඕන් ඉතින් ලංකාව කිව්වාම කස්ටියට නිකන්ම මතක් වෙන්නෙ අපාය නෙව, මහිංද මහත්තයට අපේ මුතුං මිත්තංට පිං සිද්ද වෙන්න.
අපිට පොඩි කාලෙ කියල තියන කතා වලට, එහෙනන්.....

Mar 10, 2013

කෙල ටිකක් ගාලා බස්සන්න එපෑ!!

ඔන්න එයාෆෝස් එකේ ඩයල් එකක් හිටියලු, හරි සෝයි කැප්ටැං කෙනෙක්ලු, මිනිහා ගානට  නූලට C-130  ටේක් ඕෆ් ලෑන්ඩිං ටික කරලා පොඩි නමක් තියපු කෙනෙක්ලු.

Jan 9, 2013

කන්‍යා පටලය

ඕං අලුත් අවුරුද්දෙ කට කැඩිච්ච කතාවක් කොටන්න කියල හැදුවෙ, සුබ ඉංගිරීසී අලුත් අවුරුද්දක් කිව්වා!

ඕං ඩිස්කැලැමර් නෝට් එක - 18- කස්ටිය හා බඩ දරු අම්මලා කියවීම තහනංය (හොරෙන් කියෙව්වාට කම් නැත, බනින්ට ඔට්ටු නැත)

ඕං ඉතින් එක කාලෙක කවුද මීමෙක් මාමෙක් රජ කොරන කාලෙක (ලෝක විනාසෙං පස්සෙ ඈ) ඩොකෙක් හොයාගත්තලු කන්‍යා පටලය රෙපෙයාර් කොරන ක්‍රමේ :)

ඉතින් මිනිහටත් ඕනෙ උනාලු ලංකාවේ අහිංසක, ලස්සන, කන්‍යා පටලය කැඩිච්ච කෙල්ලන්ට උපකාරයක් වෙන්ඩ.

ඉතින් පොඩි ප්‍රචාරයක් ඇරියලු මෙහෙම කොරන්ඩ පුලුවන් කියලා, නමුත් කොරන විදිය කිව්වෙ නෑ.

කෝමිං කෝම අරි රටේ කෙල්ලන්ගෙන් 80%ක් පමන මේ ඩොකා ගාවට ආවලු මේක කොරගන්න.

ඉතින් මිනිහා පොඩි පැහැදිලි කිරීමක් කරාලු කෝමද මේක වෙන්නෙ කියලා.

"ලමායි.. මම මේකට යොදාගන්නෙ කං බෙර, ඒවා අර පටලයේ ලක්ශණම පෙන්නුම් කරනවා, දැන් මම කැමතී එක්කෙනෙක් මෙතනින් තෝරගෙන ඒක අත්හදා බලලා හෙට සිට ඔබ සියල්ලටම කර දෙන්න"

කෝම හරි එක කෙල්ලෙක් තෝරගත්තලු, ඕවට ඉතින් තනියෙන් එන්නෑනෙ, මේ කියන කෙල්ල ඇවිත් තියෙන්නෙ අම්මා එක්කලු.

දැන් ඉතින් ඩොකා ඔපරේසං එකට ලෑස්ති උනාලු, මුලින් කෙල්ලව නිරුවත් කරාලු! (මගේ බ්ලොගේ කූඩාරං ගහනවා නෙමේ ඕං!)

ඕං තින් කං බෙරේ පැත්තකින් තියලා ඩොකා කිව්වලු අම්මටයි දුවටයි "මම මේ පරික්සා කොරලා බලන්න යන්නෙ, වැරදියට හිතන්න එපා" කියලා මිනිහගෙ පැන්සල ගැහුවලු කෙල්ලගෙ ශාප්නර් එකට ;)

"ආ හරි හරි, කං බෙරේ වට ප්‍රමාණෙ ගානටම තියනවා" ;)

ඉතින් ඊට පස්සෙ කං බෙරේ මිනිහා *අහ්ම්* එකට ඉන්ස්ටෝල් කරලා.

"ආ.. කෝ එහෙනන් පලල් කොරන්න බලන්න ඒක වැඩද කියලා බලන්න"කියලා ආයි මිනිහගෙ පැන්සල කෙල්ලගෙ ශාප්නර් එක ඇතුලෙ.

අෆ්ෆට බොල ඒක වැඩ, අම්මටත් සතුටුයි දුවටත් සතුටුයි.

ඉතින් ඩොකා කරපු වැඩේ, කෙල්ලගෙ ඉතුරු කංබෙරෙත් ගලෝලා අරකට ඉන්ස්ටල් කරා.

දැං ඉතින් අම්මත් ගානක් කතා කරගත්තෙ නැති එකේ ඩොකාගෙන් ඇහුවලු ගනන් කොහොමද කියලා.

"සල්ලි ඕනෙ නෑනෙ, මේක මගේ පලවෙනි ටෙස්ට් එකනෙ, හිතේ සතුට ඇති.

අම්මා ඉතින් ඩොකාටත් තැංකූ පාර දාලා එලියට යන්න ගියාලු,
ගිය පයින් ආයි ඇවිත්, "දුව යන්නැද්ද??" කියල ඇහුවා

දුවගෙ කිසි හැල හොල්මනක් නෑලු,

"දුවේ!! එන්න යන්න" කෑ ගැහුවාම නිකන් ඒ පැත්ත බලලා "ඇයි අම්මෙ" කියල ඇහුව.

එතකොට එක පාරටම ඩොකා, "ආ විනාඩියක් ඉන්න" කියලා දුවගෙ කකුල් දෙක පලල් කරල කොදුරලා වගේ කිව්ව "අන්න දුවේ අම්මා ගෙදර යන්න කතා කරනවා" කියලා