Mar 10, 2013

කෙල ටිකක් ගාලා බස්සන්න එපෑ!!

ඔන්න එයාෆෝස් එකේ ඩයල් එකක් හිටියලු, හරි සෝයි කැප්ටැං කෙනෙක්ලු, මිනිහා ගානට  නූලට C-130  ටේක් ඕෆ් ලෑන්ඩිං ටික කරලා පොඩි නමක් තියපු කෙනෙක්ලු.


දවසක් මිනිහට අලුත් ෆර්ස්ට් ඔෆිසර් කෙනෙක් සෙට් වෙලා, මිනිහා රේටින්ස් ගන්නත් එක්කද කොහෙද ඒකට සෙට් වෙලා තියෙන්නෙ,
කෝම හරි දැන් කැපා ටේක් ඕෆ් එක කරලා, මිනිහට ලෑන්ඩ් කරන්න දීලා.

දැන් ඉතින් ලෑන්ඩ් කරද්දි ස්ලෝ කරන්න එපෑ, මිනිහට කියලා "ත්‍රොටල් එක කපපං" කියලා මිනිහා කැපුවට අරක කැපිලා නෑ, දැන් මේක ස්ලෝ වෙන්නෙත් නෑලු, ඇතුලෙ කිසි සද්දයක් නෑලු.
කැපා බැලුවලු අරූ දිහා

"කපපං හුත්තො පවර් එක!!" කිව්වලු!

අරූ ආයි ඇද්දාම කැපිලා.
රන්වේ එක ඉවර වෙන්න අඩියක් තියලා කොහොම හරි නවත්තලා.

"******, මොකෝ උබ කැපුවෙ නැත්තෙ?? මාව නෝන්ඩි කරන්න නේ??" 

"නෑ කැප්ටන් ******* මේක බැස්සෙ නෑ" 

"එහෙනන් යකෝ කෙල ටිකක් ගාලා බස්සන්න එපෑ!!" 
 ---------------------------------------------------------------------------------
ඕං ඉතින් දෙන්නා ටෲප්ස්ලා පටවගෙන තව මොනවද මොනවද පටෝගෙන ලෑස්ති උනාලු.


"******** උබේ ප්ලේන් එක"

"මගේ ප්ලේන් එක" ඒ අර අලුත් යකා. දැන් ටේක් ඕෆ් රන් එක ගන්න හදන්නෙ,


(මේකේදි ගන්නෙ සනා ශෝට් ෆීල්ඩ් ටේක් ඕෆ්, මොකද ඒ රන්වේ එක එහා පැත්තෙ වැවක්ද කොහෙද (මූදද මංදා) තියනවා. )


"නෝමල් පවර්!.......ෆුල් දියන්!!"
කොල්ලා දුන්නට ආයි ඉස්සරහ කට්ටක් ඉතුරු කරලා උඩට නැගලා තියෙන්නෙ,


දැන් ඉතින් යනව, යනවා තාම හිමීට එයා ස්පීඩ් ඉන්ඩිකේටරේ කට්ට නගින්නෙ. 

කස්ටිය ආයි සද්දයක් නෑ 
කැපා හැරුනලු 

"අයිසේ!! උබලා ජංගි දාලද ඉන්නෙ?? මූ අපිව නාවන්න හදන්නෙ"

කොහොම හරි කැපා ගත්තලු, ගැහුවලු ත්‍රොටල් එකට ෆුල් වැටෙන්න රොටේට් වෙද්දිම ලෑන්ඩිං ගියර්ස් ඇතුලට ගත්තලු, නැත්තන් පීනන්න තිබ්බලු!

~ කතාව කිව්වෙ කඩ්ඩෙං අපේ සර්, (බැනලා තියෙන්නෙ සිංහලෙන්, පව් අරූ) ට්‍රාන්ස්ලේට් කරා සාටර් ද දන්නෑ!


4 comments:

  1. තේරෙන්නෙ නෑ බොල..

    ඔය වචන හා සිද්ධි ඔය ෆීල්ඩ් එකේ නැති කෙනෙක්ට ආගන්තුකයිනෙ..

    ReplyDelete
  2. ආයේ මුල ඉඳන් සරලව කියපං යකෝ... අමාරු වචන ගොඩයි.

    ReplyDelete
  3. මූද ගාවින් රන්වේ එක ඉවර වෙන්නෙ නම් චයිනා බේ වල. වෙන්න බැරිත් නෑ මෙහෙව් අයියල ඉන්නෙ :-D

    ReplyDelete