ටික වෙලාවකින් තමා මීටර් උනේ, හත්තිලව්වෙ මේ මමනෙ!
මං දනිපනියෙ ලැජ්ජාව දෝතින් වහගෙන ඇද ලගට ගියා. සරම හොයාගත්තෙ මෙට්ටෙ යට තියලා. විස්වාස කරන්ඩ නින්ද ගියාම මට මොනවා වෙනවද කියලා මංවත් දන්නෙ නෑ. රෑට යස අගේට සරම ඇදන් නිදාගන්නවා. උදේට බලද්දි ඒක එක එක තැන්වල. පෙරේදා සීලිමේ ෆෑන් එකේ තිබිලා සරම ගත්තෙ මේසෙට නැගලා, ඊයෙ මේසෙ උඩ තිබ්බ සර ගත්තෙ සීලින් ෆෑන් එකේ එල්ලිලා..
සමහර දාට සරම ගෙයිත් නෑ, අල්ලපු ගෙවල් වල වැටවල් වල තිබිලා හම්බවෙනවා.. මෙච්චර මේ බෝ පැලයක් වගේ හැදෙන මේ තරම් හැදියාවක් තියන මලියගෙ සරමට මේ ඇමරිකාවට ආපුවට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බෑ, බලන්න දෙයක් නෑ සරමට කකුල් ඇවිත්! මේ දවස් ටිකේම අල්ලපු ගෙදර ඇන්ටිත් මං දිහා බලන්නෙ අමුතු විදියට!
ඕක ඉන්නට තියලා කොහු ලණුවකින් බැඳ ගනින්කෝ
ReplyDeleteඔකනේහ් අපි සරොන් අදින්නේ නැත්තේ
ReplyDelete