Mar 2, 2020

විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා


සිත්තම් කරමින්
මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි
දකින තුරා
රැව් පිළිරැව් දී
ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සවනත
වැකෙන තුරා
 විදින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

අපේ ආදරය බෙදාහදාගෙන ආදරෙන් ජීවත් වෙමුයි කියාගෙන කොච්චර මාලිගා තැනුවත් එක නිමේශයකදි වෙනස් වී සුනකයෙක්ට වත් බනින්නැති විදියට බැන ආයි ආදරෙයි කියාගෙන ලගට එනවා බලාගෙන ඉන්නෙ හිතේ මවාගෙන උබව, මතක තියාගනින් කොච්චර ආදරේද මං මගේ ජීවිතේ කැපකරලා හරි උබව ආදරෙන් බලාගන්න හදන, උදේ ඉදලා රෑ වෙනකන් මේ යකාගෙ ඔලුවෙ දුවන්නෙ උබ කියලා, මං කොච්චර ආදරේද උබට

දෙලොවක් අතරේ
සරන ඔබේ හිත
මෙතරම්
සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු
ලෝකයම නිසා මට
වැඩියෙන් දුක
දැනෙනවා ඇති
විඳින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

උබට යාලුවොත් ඉන්නවා, පවුලකුත් තියනවා, කන්න බොන්න අදින්න පලදින්න රස්සාවක් තියනවා, යන්න එන්න තැන් තියනවා, යාලුවො ඔලුව උඩ තියාගෙන උන් කියන දේවල් අහලා මට උන්ගෙ ලොකුකම් කියද්දි උබ හිතන්නෙ මට ඒවා ලොකුයි කියලද? මට ඊරිසියාවක් නෑ, මට දුක උබ මාත් එක්ක බෙදාගන්න දෙයක් නැති එක ගැනයි, උබ මගේ මුලු ලෝකෙම වෙද්දි මං උබට තවත් එක වැලි කැටයක් විතරයි. මගේ දෙයක් කියද්දි උනත් උබ ඒක ඇදුමෙ ගෑවිච්ච දූවිල්ලක් වගේ ගසලා කියන්නෙ උබේ යාලුවො ගැන

භවයෙන් භවයේ
අහිමිව හිමිවන
නොපිරූ
පාරමිතාව පුරා
සමුගනිමුද අපි
අපේම වූ මතු
භවයක යළි
හමුවෙමුයි පතා
විඳින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

උබෙන් පිට එවුන් නිදිවදින්න බලද්දි මං බැලුවෙ උබේ ඔලුවට නිදහසක් වෙන්න මගේ කර දීලා, එක එක දේවල් කියාගෙන එන කොල්ලො එන්නෙ උබේ හෙලුවට වෙද්දි මං ආස කරේ උබේ කොට කලිසම වෙනුවට ගවුමක් අන්දලා උබව බෝනික්කෙක් වගේ බලාගන්න. ආත්මයෙන් ආත්මයට ලැබෙයි කියාගෙන පතාගෙන ආවත්, උබ මට ලැබෙන කාලෙට ලැබෙයි, එතකන් මං උබට ආදරෙන් හැමදේම කරන්නන්, මේ ආත්මයේ නැතත් ඊලග ආත්මයෙ හරි උබ මගේ වෙයි කියලවත්, මොකද උබ කොච්චර දුක් දුන්නත් මං උබ එක්ක තරහ නෑ, උබට මං ආදරෙයි.

සිත්තම් කරමින්
මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි
දකින තුරා
රැව් පිළිරැව් දී
ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සවනත
වැකෙන තුරා
විඳින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

මගෙ මුලු ලෝකෙම උබයි, මගෙ මුලු ජීවිතයත් උබයි, උබේ ආදරේ මගෙ වගකීමයි, මං ඔයාට ආදරෙයි රත්තරං ගොඩාක් ආදරෙයි, ඔයා තමයි මගේ ජීවිතේ, මට ඔයා නැතුවනම් ඉන්න බැහැ කියලා හැමදාම වගේ මං කියන්න ඇති, ඒත් මගෙ වස්තුවේ උබට මට වඩා අනිත් එවුන්ගෙන් ලැබෙන ආකර්ශනය  කියන ඒ මහා කුණු ගොඩට යට උන මට මහමෙරක් වගේ වටින මගේ ආදරේ උබට හවසට දැනෙනන මලානික හුලං රොදක් වගේ ඇති. එහෙමයි කියලා මං උබට කවදාවත් වෛර කරන්නෙ නෑ.

මිනිස් ජීවිතයක් කියන්නෙ දුර්වල දෙයක්, ඒකෙ විදීමක් මිස ලතැවීමක් නෑ, උදේ ඉදලා රෑ වෙනකන් මේ හිත ඇතුලෙ පිච්චි පිච්චි ඉන්නෙ උබට මාව කොයි වෙලේ අමතක වෙයිද කියල, ඒ උනාට මං උබට ආදරෙයි, නිමක් කොනක් නැතිව ආදරෙයි, උබ මේක කියවන්නෙ නැති වෙයි, මං නැති දාක හරි කියව්වොත් උබට තේරෙයි මං කොච්චර  පිච්චුනාද උබ නිසා ඒත් මං උබත් එක්ක තරහා නෑ කියලා!

1 comment:

  1. You've written something entirely different this time.

    ReplyDelete