Showing posts with label මොලේ හොද නෑ. අත්දැකීම්. Show all posts
Showing posts with label මොලේ හොද නෑ. අත්දැකීම්. Show all posts

Mar 30, 2011

මුරන්ඩු කොල්ලා

ඔක්කොම පටන්ගන්නෙ මූ 5වසර මුලදි ඉස්කෝලෙ කරපු දෙයකින්. එදා උදේ දෙමවුපිය රැස්වීම, කොල්ලො සෙට් එක ඔක්කොම පිට්ටනියට යැවුව්වා සෙල්ලන් කරන්න කියල.
උදේ පාන්දර අර යකාට මලපැනල අම්මත් එක්ක,
"මොනාද අනේ පරක්කු වෙන්නැතුව එන්නකෝ"
"හරි පොඩ්ඩක් ඉන්න කියන වේලාවටම යන්න බෑනෙ"
"නෑ නෑ පුලුවන්"
කොහොම හරි මූ ඉස්කෝලෙට පැන්නා.
මිනිහ ගියා පිට්ටනියට, පොර ඉස්කෝලෙ ආවෙ 4 වසර අන්තිම හරියෙ, ඉතින් වැඩිය යාලුවො නෑ. ඔය වෙලාවෙ පොර දැක්කා එක කොල්ලෙක් තව එකෙක්ට ගහනව.
ගිහින් ඇහුව
"මොකද්ද ප්‍රශ්නෙ උබල දෙන්නා ගහගන්න"
"මූ මට නිකන් ඉන්න දෙන්නෑ, වැලි වලින් ගහනවා"
මුන් දෙන්නා විතරක් ගහගත්තනන් ඉවරයිනෙ, මෙන්න මේ වලි බේරන්න ආපු එකාටත් ගහනවා.
"ඇයි ඕයි මට ගහන්නෙ, තොට මොලේ හොද නැද්ද?"
"ඇයි උබ මැද්දට පැන්නෙ, මට කවුරුවත් මෙහෙම කතා කරල නෑ, උබ එන්නෙපා එහෙම ඒවට"
ඉතින් වලිය බේරන්න ගිය එකාගෙ මල අතේ, අරූට සම්බෝලෙ කවන්නමයි හිත.
"තෝ වරෙන් බල්ල යන්න, අනුන්ට ගහන්නෙ, වරෙන් තොට දෙන්න."
"ඇයි උබ මොනව කරන්නද?, ආ,, වරෙන් ගහපන් එකක් පුලුවන්නන්"
මූ බලාගෙන හිටියෙ නෑ, ගැහුව, මිනිහ වලි කාරයාව ඇදගෙන ගිහින් තිබ්බ පන්තියෙන්.
"මොකද මේ?" ගුරුතුමියගෙන් පටන්ගනත් කලින්ම ප්‍රශ්නයක්.
අරූ එක පාරටම පැනල කිව්ව
"මිස් මෙන්න මූ අරූත් එක්ක ගහගද්දි මටත් ගැහුව"
"අඩෝ පෙරේතයා මම තෝව මරනවා"
5 වසරෙ කොල්ලෙක් මෙහෙම හැසිරුනා කියන්නෙ, අම්ම කියනවා
"මොනවද ඔයා ඔය කරන්නෙ මම ආයි එන්නඕනෙ ඉස්කෝලෙට, ඊටත් මෙහෙමද හැසිරෙන්නෙ?"
කට උත්තර නැත.
එදා ඉදන් ප්‍රින්සිපල් උනත් "කෝ අර මුරන්ඩු කොල්ල," කියල මතක් කරපු කාලයක් තිබ්බා. තව කොටසක් දෙන්නන් මිනිහ ගැන තව ටික දවසකින්. ඔක්කොටම ජය වේවා.

ප.ලී. - හෙම්බිරිස්සාවට කැස්සට හදපු බෙහෙත් බීලා, බෙහෙත් වැඩිවෙලා මත් උනාම මොකෝ අනිත් දවසෙ කරන්න ඕනේ?

ප.ප.ලි. - සිරප් හොදෙ, නිකන් නැගිටින්න පන නෑ වගේ නිසා ඇහුවෙ, බෙහෙත පිරිටන් ඩී.ම්. ද කොහෙද. මත් වෙලාවගේ කිවුවෙ ඒකෙන් හැදි 5ක් විතර ගහල, තාම වෙන මොනවත් ගැහුවෙ නෑ, කොටින්ම කාලවත් නෑ.