Jul 15, 2011

අපේ කුලකෙ කුලක වීම හෙවත් සෙට් එක සෙට් වීම!

දිනය 14වෙනි බ්‍රහස්පතින්දා, වෙලාව 8.25යි. එලාම් කට්ට කෑගසනවා ඇසුනි!
"හුටා!, පරක්කුයි!"
කඩිමුඩියේ දත්කට මැදගෙන පහලට දුවන්නට විය
"අම්මේ මම ගිහින් එන්නන්"
රීප්ලයි එක උනේ "කොහෙ යන්නද, ගෙදරට වෙලා ඉන්නවා!"
ඊට පස්සෙ තාත්තට කෝල් කරලා නහයෙන් අඩලා තමා වැඩේ ගොඩ දාගත්තෙ.

ඕන් ඊට පස්සෙ මගේ ෆ්‍රෙඩාට කෝල් කරලා ඇහුවා "මචං ගෝල්ෆේස් එකට යන්නෙ කොහොමද?
මූත් කිව්වෙ නැතැ "බස් එකේ නැගලා පලයන්" කියලා, මගෙ මල අතේ හැබැයි සද්දයක් දැමාම කිව්වා.

කොහොමින් කොහොම හරි ආවා කියමුකො, ඇවිල්ලා බැස්සගමන් ක්‍රෙඩිට් ලෝ කියලා මැසේජ් එකක් ආවා. ඒ වෙනකොට වෙලාව 10.20ටත් කිට්ටුයි.

ගියා ගෝල්පේස් තන තණගොල්ලට න්හ්හ්ම් මුන් එකෙක්වත් පේනතෙක් මානෙක නැත

ගත්තා කෝල් එකක් අපේ DarKneT|ඉශාරට ගත්තා කෝල් එකක්
මලියා - "මචන් කොයි හරියෙයි බං ඉන්නෙ? මට පේන්නෑ,"
DKT - "මේහ් අර කොඩියක් තියෙන්නෙ"
මලියා - "අර සිංහයෙක් මැද ඉන්න එකද? ආ අර ජාතික කොඩියද??"
DKT - "ඔව් ඔව්, එතනට එන්නකො,"
මලියා - "හරි බං මම ඇවිත් ඉන්නෙ"
DKT - "කෝ බං, කොහෙද ඉන්නෙ?"
මලියා - "උබ පොඩ්ඩක් නැගපන් ඔය කනුව ගාවට, එතකොටවත් පේයි ෆෙඩෝරා එකක් දාගෙන එන හිච්චි කොල්ලෙක්ව"
මලියා - "උබ නැග්ගයි කණුවට?"

DKT - "ඔව් බං, තාම පේන්නැද්ද?"

මලියා - "කොල්ලො ඔන්න ඕහොම්මම අත් දෙක උස්සගනින් බං. ආහ් හරි හරි දැක්කා"

ඔන්න ඔහොමයි මලියා DarKneT|ඉශාරව කණුවට නග්ගලා අත් උස්සලා ඉන්න කිව්වෙ හොයාගත්තෙ!

එතනට යද්දි නඟා ඉන්නවා අපේ රෝසා මම කිව්වෙ සදරුවන් (Di Lee San- දි ලී සාං ;) )ට නිකන් යුධ ප්‍රකාශ කරල වගේ, කොහොම හරි මූ කෑවානෙ එකක් මූ බේරිලා හිටියා නඟාගෙන්.

මලියා - "හෙලෝ මචං කොහෙද ඉන්නෙ?

........ - "තාම පිටකොටුවෙ බං"

කවුද?? කවුරුවත් නෙමේ අපේ කක්කි කිංඩි පවියා,

මලියා - "මොකද යකෝ තාම කරන්නෙ"

පවියා - "මම මේ පෝං එක විකුණුවා, නැත්තන් දැන් ඇවිල්ලා කන්නෙ කෝමැයි??"

කොහොම හරි මූ ආවා, මම දැන් කස්ටියට මඩ ගහලා කස්ටියව හදුන්නලා දෙන්නන්















කොනේම ඉදලා ගමු, 

1ට ඉන්නෙ චාටර් කොලුවා, අනේද කියන්නෙ මූ තමා එතන නිවිච්චම එකා, පව් අනේ සත්තලං කොලු පැටියා. කොටින්ම කකුලුවා කද්දි ඌට පින්දුනා කතා කරනවා ඇහෙන්නෙත් නෑ

ඊට පස්සෙ ඉන්නෙ DarKneT|ඉශාර ඇති යාන්තන් මිනිහව කණුව උඩට නැග්ගුවා එල කොල්ලෙක් හරක් හොරෙක් කියලා වැඩක් නෑ, උදේ පාන්දරම අපේ නඟාට ලණුවක් දුන්නා ටිකට් අරන් දුන්නා කියලයි ආරංචිය.

කක්කි කිංඩි පවියා - එද්දිම හම්බයක් කියාගෙනමයි ආවෙ තූඃ විතරක්, සික් මූවත් නග්ගන්න හැදුවෙ, බැරි උනා. පංසල් යන ගමන් ආවෙ කියලා කිව්වා. හැබැයි නිකන් කඩේ යන්න වගේ ආවෙ.

ඕන් ඉතින් ඊලඟට ඉන්නවා හොද හැන්සම් කොල්ලෙක් මලියා කියලා ;) මිනිහා ගැන කියන්න තියෙන්නෙ ඉතින් නඟා එක්ක පොඩි එව්වා මෙව්වා එකක් පටලගෙන වලියක් සහෝදර කම් ප්‍රදර්ශණය කලා. 

රෝසා අපෙ සුදු රෝසා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ! මෙයා දිලීප සඳරුවන්. මෙයාත් හලීම සෝයි අර කෙල්ලො දෙන්නගෙ පෑන්ටීස් බලන්න ගියේ නැත්තන්, අපරාදෙ මම කිව්වෙ එයා පට්ට නේද කියලා. 

ඊට පස්සෙ ඉන්නවා විහින් දත් ගලෝ ගන්න අපේ Ai Dont Know කොලුවා, එයත් නහයෙන් අඩ අඩ හිටියෙ වයිපරේ ආවා කියලා. දිලීප කොල්ලා කිව්වෙ නැතෑ ADK අයියා එන ආත්මෙ කකුළුවෙක් වී ඉපදෙන්න කියලා
ඕකට ඉශාර කිව්වා "ඇයි උබ හදන්නෙ එයාව හරහට යවන්නද?" කියලා
දිලීප කියනව "එහෙනන් ඉස්සෙක් හොදයි"
ඉශාර කියනවා "බෑ බං ඉස්සා පනිනවා"
දිලීපට කියන්න දෙයක් නැති කල්හී "එක්කො වඩයක් වෙන්න අයියෙ!"
කියා නිස්සබ්ද විය.

එහා පැත්තෙ ඉන්නෙ ADK කොලුවගෙ වෙන්ඩ වයිපරේ, එයා ගැන විස්තර දාන්නෑ හොයලා හරි දාන්න තිබ්බා, එක්කො හැරෙන තැපෑලෙන් කන්න ඕන්නැති නිසා ඕන්නැති නිසා දැම්මෙ නෑ.

ආහ් කියන්න බැරි උනානෙ දිලීප මෙලෝ සංසාරයක් ගැන දන්නැතිව කිව්වනෙ අපේ AKD කොලුවා බැන්දා කියලා, සික් පව් අර කොල්ලව නාකි කරනවා තියාගෙන,

ඒ අස්සෙ නඟා කාත් එක්කද මල් කඩනවා සික් හැදියාවක් නැති හැටි.

ඕක ඉස්සුවෙ ඉශාරගෙ බ්ලොගෙන්.

අනේ අපේ දිලීප ගොයියා කෙල්ලෙක්ගෙ මල් මල් එකකට ඇහැ ගිහිල්ලා කන්න වගේ බලාගෙන හිටියා. අනේද කියන්නෙ!

ඔන්න ඉන්නවා කක්කි කිංඩි පවියා සහා ඔහුගේ අති(ප්‍රේත) පිරිසිදු ලේන්සු කට්ට මහලා තියෙන්නෙ පරණ ජොකා රෙද්දකින් 
ඔන්න අමතක වෙච්ච එව්වා තියනවනන් මට මතක් කරන්න තව දෙයක් මේ ලංකාව කීයටවත් ආස්චර්යක් වෙන්නෑ කිලෝමීටර් 3ක් ඇවිදලා ගිනි පෙට්ටියක් හොයාගන්න පුලුවන් උනොත්.

ප.ලී - දෙයියන්ගෙ නාමෙට පවියා එක්ක බෑග් ගන්නත් දිලීප එක්ක මියුසික් ස්ටෝර් හොයන්නත් පයින් නම් යන්න එපා, උන් දෙන්නා නෙමේ අන්තිමට වින්ටජිනෝ හරි ගාලා කකුල් අතගාන්නෙ, ගෙදර එවුන් :D

ප.ලි.ප.ලී - දැන් තමා නැගිට්ටෙ නැගිට්ට ගමන් ලියුවා. තව පොටෝ කටු ටිකක් ලඟදීම බුකියට දාන්නන්
එහෙනන් කස්ටියට ජය!
                                                                               දිලීප(රෝසා)
                                                                               චාටර් කොලුවා
                                                                               කින්ඩි පවියා අඩේ මම බලනවා 7දෙනෙක් බ්ලොග් කරනවා මෙතන හයනෙ ඉන්නෙ කියලා, මට නිකන් කොයිල් වගේ. බැලින්නන් 7 මම! තව මට විස් කරපු ඔක්කොටම තෑන්ක් මම මල්ලිගෙ බෙල්ල මිරිකන්න හැදුවෙ මගේ කාඩ් කෑවට! 


Jul 11, 2011

කාගෙද උපන් දිනයක්, මලියගෙ මල්ලි විසින් අයියව චා කරනු ලබයි!

මල්ලි විසින් ලියන වගයි!
මලා හෙට අයියා-කාරයාගෙ  උපන් දිනේලු, මූ බ්ලොගක් කරනවා කියලා ආරංචියනන්, මට ඇඩ්ඩරස් එක පොඩ්ඩක් මතක නෑ. මිනිහටලුනෙ චාටර්ම බ්ලොගත් තියෙන්නෙ, මොනව උනත් හිනා වෙන්න 1ක් හරි තිබ්බා, දැන් මේ ලොක්කා වගේ ලොගින් අරගෙන ලොග් උනාට පණ බයේ මම මේක කොටන්නෙ.

මිනිහ කේක් 2ක් අරගෙන නූගේගොඩ ඇවිදිනවා දැක්කා කියලා නිලලත් ආරංචි මාර්ග පවසනවා. අම්මා එක්ක ගිහින් කේක් ගන්න.

මිනිහා අද අර නුගේගොඩ සොප් එකකට ගිහින් ශර්ට් පොඩ්ඩක් ගන්න, අක්ක කෙනෙක් අහලා මොනවද ඕනෙ කියලා, මූ කියලා "තිබහට ඒසී වදින්න ෆෑං එකක් යටට ආවා" කියල ගොං කතාවක් කියලා.

ඒ කමක් නෑ මූ බුකියෙ දාලා තියන ඉස්ටේටස් එක දැක්කනන් අම්මා මූට වහ කවනවා සුවර්! මොකද "වොඩ්කා සොට් ගසා කොළඹ මහ නගර සභාවට කිරිවෙහෙර කියා වැන්දෙමි!"  කියලා බුකියෙ ගහලා. අනේද කියන්නෙ මූ වගේ පිස්සෙක්!
අයියාගෙන් සොට් දෙක තුනක්ද ඉදහිට මට නොවදිනවා නොවේ, මොකද මමත් ඉතින් පෙන්දා වගේ ඉන්න බැරි නිසා "අඩෝව්!" කියාගෙන පනිනවා, අන්තිමට වැදුනාම අම්මා ගාවට දුවනවා.

ඒ අස්සෙ මූ එහා ගෙදර වයි-ෆයි අල්ලන්න ගිහින් ඒ අක්කගෙ ඇදුම් වැටද කඩාගෙන වැටුන බව අපේ පැත්තෙ ජනප්‍රිය රහසකි. පොඩි එකාගෙ ආසාව නොවෑ! අක්කගෙ මක්කද කවරයක් ඔලුවේ ඔතාගෙන සිටින පිංතූරයක් ඇති නමුත් බෙල්ලට ඇති ආසාව නිසා එසේ නොකරමි!

ඒ අස්සෙ අක්කලා 3න් 4 දෙනෙක්ව එක පාර කරගහන්න ගිය බවක් ද මට ඇසුනි!!

මේ අයියා දොයියන්න එනවා වගේ, මම දුවනවා පබිලිස් බට්න් එකෙන් ගේමට එන්ටැර් වෙනවා කියලා අහලා තියනවා, එහෙනන් ගේමට එන්ටැර් වෙන ගමන් පොඩි කොලුවා දුවනවා.

මට බුදු සරණයි! අයියට සුභ මෙව්වා එකක් කියලා ප්‍රාර්තනා කරනවා!


Jul 7, 2011

ෆේස්බුක් + ස්කයිප් වෙතින් දැන් වීඩියෝ චැට්










ඈහ් මෙන්න මලියා ටෙක් ගැන කතා කරනවා!
ඔව් ඔව්, අද පොඩි සීන් එකක් හොයාගත්තා, මේක ෆේස්බුකිය හා ස්කයිප් එක්ක එකතුවෙලා කරන ව්‍යාපෘතියක්. ඉතින් ඒක පොඩ්ඩක් කියලා දෙනවා කියලා හිතුවා. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ,

යන්න මෙන්න මේකට ගිහින් තියනවා Get Started කියලා බටොං එකක් ඒකට කොටන්න.

ඊට පස්සෙ, ඒගොල්ලො දෙනවා සෙටප් එකක් දාගන්න, ඒක දාගෙන ඔන්ලයින් ඉන්න යාළුවෙක්ට කෝල් කරන්න. එයත් ඒ පැකේජ් එක දාගත්තට පස්සෙ එයාටත් පුලුවන් වීඩියෝ කෝල් ගන්න.

එහෙන් ඒක ට්‍රයි කරලා බලන්න. මම කැපෙනවා!
ජය වේවා!

ගල් ගැන තවත් ඇසකින්! :D

ටියුබ් ලයිට් ඉන්නවනන් කොස්සකින් ගහගෙන හරි පත්තු කරගන්න, දැන ගැනීම පිනිසයි!

වීදුරු හා ගල් එකම වර්ගයට අයත් වේ... තවද විවිධ ගල් වලට වීදුරු කැපිය හැකි නමුත්, කිසිදු වීදුරු වර්ගයකට ගල් කැපිය නොහැක... ගලකට ගලක් , ගල් කැපී යාම සුලභ වුවද, වීදුරු වීදුරු කැපී යන්නේ දුලභවය.... එවැනි දුලබ අවස්ථා ආප්ප දැමීමේදී පමණක් සිදුවේ....!

බොහෝ ගල් හොදින් ඔප දැමිය හැක.. එසේ ඔප දමන විට අතුරු ඵල ඉවත් කළ යුතුය.. එම ගල් ඔපදමා ටොපියක් ආකාරයෙන් පෙනෙන ලෙස සකසා හරවා බැලූ විට නූලක් වැනි යමක් දැකිය හැකිය.. ඒවාට ආරු නූල් ලෙස කියයි..!

හොද වර්ගවල ගල් වුවද කාලයක් ඔප නොදැමීමෙන් මිලින වි යයි... එවිට ඒවායේ පොල් කුඩු වැනි යමක් බැදෙන අතර පසුව ඔප දැමීමට පෙර පොල් මුඩ්ඩකින් හෝ අතුල්ලා සේදිය යුතුය... බොහෝ වේලාවක් ඔපදැමීමෙන් පමණක් මේවා යතා තත්වයට පත් කල හැක...!














මේක ෆොටෝ එකක කමන්ට් වලට වැටිච්ච කතාවක්, ලිව්වෙ මැක් ඒයින්ස්(Mac Eins) මිනිහගෙ නම දන්නැති නිසා හා ඔන්ලයින් ආවෙ නැති නිසා මුකුත් අහන්න/කියන්න බෑ. ඕ.පී. කියලා මම ඉතින් දැම්මා.

කස්ටියට ජය!