May 28, 2011

ඊබේ මගින් අයි-පොඩ්ඩෙක් මිලදී ගත්තෙමි! සහ External HDD Update!

ඔන්න එහෙනන් මේකයි කතාව,
මම අයි-පොඩ්ඩෙක්ට බිඩ් කරා (Water Damaged, but working ) දාලා තිබ්බෙ 1st Gen කියලා, බිඩ් ඒ කියන්නෙ මගේ බිඩ් එක උනේ 52$ ඒක තමා ලොකුම එක ඔන්න ඉතින් ඊයේ පෙරේදා භාණ්ඩෙ ආවා කියමු, ආව පාර්සල් කෑල්ලෙ තියෙන්නෙ"Used MP3 Player" කියල, භාන්ඩෙ එල. ඒපාර Sync කරලා බැලුවා වැඩ, ඔන්න දැම්මා කියන්නකො සිංදුවක් මෙන්න මේක ඇහෙනවා ඉස්පීකොරෙන් අෆ්ෆට සිරි, ෆූසො පැනපි කිව්වලු! ආයි පොඩ්ඩක් සෙටිං වලට වැඩම කොරලා බැලින්නන් නිල්දතුත් (Bluetooth) වැඩ! මම ඊයෙ රෑ ජේල්බ්‍රේක් කරලා දැන් 5Gb ගේම්ස් හිටන් දාලයි තියෙන්නෙ










සුෆිරි කිව්වලු!

මටත් ඉතින් දැන් ෆුල් හැපි,
ඒක නෙමේ අර අර හාඩ් එකේ පොර ඌ මට කාසියක් එවලා *බඩුව ඊබේ එකේ බිඩ් එක යන්නෙ 45$ වලට* මම උගෙ අම්මා අප්පා මතක් කරලා සිංහල, ඉතාලි, ප්‍රංශ, සිම්ප්ලිෆයිඩ් චයිනීස් යන දන්නා භාශා වලින් යැවුවා මේල් එකක්, තොගෙ අහ-වල්ල කඩනවා මගේ එහා පැත්තෙ හිටියනන් කියලා.

මට වැටුන අයි-පොඩ්ඩා හේතු කරගෙන අරකෙ දුක දැන් අඩුයි.
එහෙනන් ඔන්න අපි කැපුනා! ජය වේවා

ආච්චිගෙ ඉන්ටර්නෙට්

(ඉන්ටර්නෙට් ගැන හිනායන්න එඩිට් කරලා දාන කතාවක්)

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං

~හෙලෝ මලියා
   - කියන්න මචන්!
~ඔයි මගේ සයිට් එකට හැකෙක්ද කොහෙද ගේම් එකක් දෙන්න ට්‍රයි කරලා, හැබැයි තාම වැඩ නෑ
  - පොඩ්ඩක් හිටු බලන්න, කැකිරි පැලෙන ටිකිරි හිනාවයි කිව්වලු නෑනේන්නං!
~අනේ බෑ බං, මට දාඩියත් දාලා, මොකෝ කරන්නෙ?
  -ගූගල් කෑශ් එකේ තියනවනන් කොපි පේස්ට් වත් කරගනින්
~අනේ යකෝ එහෙමවත් බෑනේ!
 - පොඩ්ඩක් ඔහොන් හිටු,

පහලා තට්ටුවට ඔලුව දා

"අම්මේ ඉන්ටර්නෙට් නෑ!!!!!!"

ආච්චිගෙන් ඔන්න රීප්ලයි එක

"කවුද?, ඉනටානෙට් නැතිවෙලා ද? කවද්ද? කීයටද?"

මලහත්තිලවුවයි! ඉකේ මටමයි නෝන්ඩිය අරූ තාම ලයින් එකේ

වෙච්ච සන්තෑසිය උට කිව්වාම ඌ බකබක ගාලා හිනා වෙනවා,
ඉතින් මම කිව්වා
"හිනා නෙමේ බොල!, අඩපිය තොගෙ ඇකවුන්ට් එකත් බ්ලොක් නෙ?" කියලා!


May 24, 2011

චකිතය - නෙමිසිස්

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා

කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා

නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා
 
 

May 23, 2011

නොබොන උන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?

මට මේක ලියන්න හිතුනෙ අසංකගෙ පෝස්ට් එකක් දැකලා,

මම මේ කියන්න යන්නෙ 365 දවසම බ්ලැක්-අවුට් වෙලා ඉන්න ඩයල් වලට නෙමේ,
සාධාරණ ලෙස හරිහම්බ කරලා නිවාඩු දවසට ඒ හම්බ කරපු ඒවායින් සුලු කොටසක් වියදම් කරලා ශොට් එකක් ගහලා නිදාගන්න කට්ටිය වෙනුවෙන්,

මුලින්ම මොනවටද බොන්නෙ?
               ~අනේ පවු පොඩි එකා මූ දන්නෑ!~
 බොන එකේ ආතල් ඇති, මට වගේනන් නිදාගන්න අමාරු, හිතට අමාරු දවස් වලට පට්ටම බෙහෙත!

ඕකෙ තියන හොදේ මොකද්ද?
             ~උබම නේද කිව්වෙ නිදාගන්න පට්ට කියල~
මේකයි ඕකෙ ඇති හොදකුත් නෑ, හැබැයි එහෙම කියනවනන් නරකමත් නෑ
නරක මේකයි, ඕකට සෝඩා හරි ඩ්‍රයි ජින් ඒල් ටිකක් හරි දාලා බිව්වෙ නැත්තන් තමා ටොපිය. ඕවා බඩවැල් වල පිලිකා ඇති කරවනවා.

එතකොට නොබොන එවුන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?
              ~ඇයි, නැතුව පෝස්ටරයක් වත් ගහන්න බෑනෙ ආතල් එකටවත්~
තමන් හරි විදියට හම්බකරගත්ත දෙයක් තමාගෙ යුතුකම් ඉටුකරලා ඉවරවෙලා යම් ප්‍රමාණයකට පැලපැදියම් වෙනවනම් අනුන්ට කරදරයක් නොවෙන්ට ඒක කමක් නෑ, කොහෙද යන කාළකණ්ණි රෑලක් මහජන මුදල්(මෙහෙම කිව්වෙ කාගෙ හරි සල්ලි නිසා) ගසාකමින් පෝස්ටර් ගහන එක වැරදී. මොකද අම්මා අප්පගෙ සල්ලි බෝතලයක් ගත්තනං අර පෝස්ටර් ගහන්න ඕනෙත් නෑ, බ්ලැක් ලේබල් එකක් සති දෙකක්වත් තියාගන්න පුලුවන් සාමාන්‍ය පදමට භාවිතා කරොත්.

මම මේක මෙහෙම කිව්වෙ ඇයි?
                    ~උබට කැහිල්ලනෙ~
 මම අම්මාපා අර 365දවසෙම බ්ලැක්-අවුට් වෙලා ඉදලා තියන එවුන්ට බැනලත් තියනවා, බැනලා හැදිච්ච එවුනුත් ඉන්නවා, තවත් නොආහා වල පල්ලටම ගිය එවුනුත් ඉන්නවා.
කරුමෙ කියන්නෙ මම ඇබ්බැහි වෙච්ච කාලයක් තිබ්බා මෙව්වට, නමුත් දැන් සාමාන්‍ය ලෙස ගත කරනවා,