Aug 31, 2011

කෙල්ලන්ට පමණයි!

මේක කෙල්ලන්ට කිව්වත් අනිවා කොල්ලොත් කියවනවා ඇති, දැන් කියන්න යන්නෙ කොල්ලෙක් වැඩියෙන්ම කැමති ඔයගොල්ලන්ට කරන්න පුලුවන් දේවල්.
කෙල්ලෙක්ට කොල්ලෙක් අල්ලගන්න ඕන විදිය කියලා දෙන්න ඕනෙ නෑනෙ, ඒවා උපන් ගමන් තියන හැකියාවල්නෙ!

එක, වද දීමෙන් වලකින්න, ඕන් කිව්වා මුලින්ම නැත්තන් කේස් එක කොට උඩ!

කොල්ලෙක් ලයින් කියලා හොයාගන්න බැරිනන් වටේ ස්කෑන් පාරක් දාලා බලන්න කොල්ලෙක් එහෙම ඉන්නවද කියලා තමුන් දිහා බලාගෙන් කන්න වගේ ඉන්නවනන් අන්න ඌ එක්කො ට්‍රයි නැත්තන් සිරාටම හපාකන්න වෙන්න පුලුවන්
 තව ඒ කොල්ලා නිදි වරාගෙන තොල විකාගෙන මැසේජස් එහෙම එවනවනන් අන්න ඒකත් එක්තරා අන්දමක ට්‍රයි එකක් කියලා කියන්නත් පුලුවන්!


කොල්ලා කැමති දේවල් හොයාගන්න, කෑමක් වගේ දෙයක්නන් එයාට දෙන්න, මිනිහා සතුටු වෙයි හොදට

කොල්ලෙක්ට මුද්දක් අරගෙන දෙනවනන් අන්න ඒවෙලාවෙදි තොත්තුවක් දීලා කියන්න "මම පොරොන්දු වෙනවා ඔයාව කවදාවත් දාලා යන්නෑ" කියලා. 

එල, ඊට පස්සෙ මිනිහා කොහොම චරිතයක්ද කියලා හොදට වටහගන්න, ඩීසන්ට් පිට ඉන්න ඩයල් එකක් නම් ඌව වල් කරන්න යන්න එපා

කොල්ලා කැමති නැති දේවල් කරන්න එපා, විසේසයෙන් කොටට ඇදිල්ල, කැමති නැත්තන් අදින්න එපා(දැන් ඉන්න එවුන් ඇන්දත් එකයි නැතත් එකයි ;) :P )

තව කොල්ලො එක්ක කතා කරන එක ලිමිට් කරන්න, සමහර කොල්ලො කැමති නෑ තව කොල්ලො එක්ක කතා කරනවට.

කොල්ලව කවද හරි දාලා යන්න බලාගෙන වැඩ කරනවනන් එයාට නොදැනෙන්න ඈත් වෙන්න, ඒ වේදනාව ඉවසන්න පුලුවන් වෙන්නෙ මම වගේ හොද කොල්ලෙක්ට තමා. 
 නැත්තන් ඉතින් චරිත ඝාතනයකුත් කරලා, මාස දෙක තුනකට ගෙදරිනුත් බහින්න බැරි කරලයි නවතින්නෙ. මම අර වැඩේ කරලා තියනවා, කෙලින්ම මාසයක්ම ගෙදර! 
(කොල්ලො එහෙම දේවල් කරන්නෙ හිත හදාගන්න, නමුත් කැඩිච්ච හිත හදන්න අමාරුයි!, ඒ ගොල්ලො ආයි ඒවට පසු තැවෙනවා_



ළබැදියේ (අලුත් වර්සොං එක)

ඔබ එන්න පාසල් නිම වෙලා..
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..
පොඩි කෙල්ලො අතරින් මතුවෙලා..
ඇයි තාම නැත්තේ පැමිනිලා..

ළබැදියේ.. ළබැදියේ..
මම සිරා ලවු කරා...
ළබැදියේ....


ඒ කෙල්ලො අතරින් සැඟවිලා..
ඔබ යන්නෙ වෙනකෙකු හමුවෙලා..
මා සමඟ විදි සැප මදි වෙලා..
ඔබ යයිද මගෙ සිත බිද දමා..

චපලියේ.. චපලියේ..
මා සිතින් වෙන් කලා..
චපලියේ....
මා සිරා ලවු කරා..
හිකනලී..!!

මම මේ සිංදුවේ ඔරිජිනල් වර්සොං එකට ආසයි, ආදරෙයි. නමුත් ඉතින් දන්නැද්ද ;) ආසාව නොවෑ

Aug 30, 2011

කෙල්ලෙක් අල්ලගත්තට පස්සෙ..

ඔන්න දැන් කෙල්ලෙක් අල්ලගත්තා කියමුකො එහෙනන්

මුලින්ම හැගෙන දේ ප්‍රකාශ කරන්න, හිතෙන හැම දෙයක්ම

කෙල්ල වැඩියෙන්ම කොල්ලට දෙන්න ආස වද හරිද, ඒක නිසා කට්ට කන්න බලාන ඉන්න

ඊට පස්සෙ දෙගොල්ලන්ගෙම ගෙවල් වලට හිංට් පාස් කරන එක හොදයි(නරක ගෙවල් නැතුවත් නෙමේ, තැනට සුදුසු විදියට කරන්න)

අහන්න මොනවටද වැඩියෙන්ම කැමති කියලා(තාම ඇහුවෙ නෑ)

එයාට ඉන්වයිට් කරන්න රෑ කෑමකට(Romantic Dinner හරිය, නැතුව තොත්තු කොත්තු කන්න නෙමේ!)
ඒ අතරතුර එයාට මාලයක්, මුද්දක් වගේ වටින දෙයක් දෙන්න පුලුවන්නන් එයාට ඒක හැමදාටම මතක තියෙයි.

තව එයාව පුලුවන් තරම් ලඟින් තියාගන්න, කීයටවත් දුක හිතෙන දේවල් කියන්න එපා මොකද මූට විසාදය කියල දමල ගහල යයි යන්න ;) (බුකියෙ දන්න කොල්ලෙක්ට උනා)

මම වගේ කොල්ලන්ට කියන්නෙ (පික්සු) මහන දම් පිරුවා වගේ ඉන්න වෙනවා, නැත්තන් "මචං අන්න උබේ කෙල්ල අරුත් එක්ක රවුන් ගහනවා" කියල කියනකන් දන්නෑ

එහෙනන් අන්තිම එක, මට හැමදාම අමතක වෙන එක, කෙල්ලට ආදරේ වගේම තමුන්ටත් ආදරේ කරන්න. නැත්තන් කොහෙන් කෙලවර වෙයිද දන්නෑ, මමත් කාලයක් නැපෝලියන් බොන-පාට් වෙලා සිටි බව අකමැත්තෙන් උනත් කියමි.

එහෙනන් මලියා කැපුනා, මේ ක්‍රම වලින් ගොඩ ගියොත් පස්සෙ කාලෙක ළමයින්ටත් කියන්න මලියා කියලා කොල්ලෙක් දත,කට,තොල සහ දිව විකාගෙන පෝස්ට් ටිකක් දාලා තිබ්බා කියලා, ඒවෑන් අදහස් අරගෙන අම්මා සැට් කරගත්තෙ කියලා.

ගල් මුල් ප්‍රහාර සහ අදහස් ඕන එකක්, කමන්ට් එකක් දාලා යන්න :D

Aug 29, 2011

කෙල්ලෙක් සැට් කරගත්තට පස්සෙ

කලින් එක නැගලා ගියා වගේ දැනුනා, ඉතින් මම හිතුවා තව ටිකක් මගේ ටිකිරි මොලේ යූස් කරලා තව හොද දේවල් ටිකක් ලියන්න.

ඕන් එහෙනන් පලවෙනි එක - මේක බොක්කෙන්ම කරන එකක් නම් ඔය ලවර්ස් එකෙන් කෑලි බෑලි අරන් දෙන්නැතුව ඒ සල්ලි එකතු කරලා රත්තරන් මාලයක් වගේ අරන් දෙන්න පුලුවන්නන් ඒක කෙල්ලගෙ මාර වෙනසක් ඇති කරයි.

තව වෙන කෙල්ලො දිහා බලන් ඉන්න එපා, මොකද කෙල්ල උබට ඇදලා අරිනකන් දන්නෑ. පැණි හැලීමෙන් වලකින්න!

විහිලුවටත් වගේ අහලා බලන්න "මම මැරුනොත් මොකද කරන්නෙ" කියලා, දානෙට ඇවිත් යන්නන් කිව්වොත් ඉතින් වහ කාලා මැරියන්, "තව එක්කෙනෙක් බදිනවා" කිව්වොත් ශේප්, හැම දාම තනියෙන් ඉන්න බෑනෙ.
"බදින්නෑ" කිව්වොත් ඔන්න පුස්සක්, ඔය නොකියා කියන්නෙ කොල්ලව දාල යන්න කියලා.

තව ෆෝන් එකක් අරගෙන දෙනවනන් ඩුවල් සිම් දාන එකක් අරගෙන දෙන්න එපා, මල් කඩන අස්සෙ කොළ වැල් මුල් උනත් කඩන්න පුලුවන් තව සිම් එකක් දාගෙන, අපි දන්නැතෑ කෙල්ලො ගැන

ඊරිසියාව පැත්තකින් දාලා වෙන කොල්ලො එක්ක කතා කරන එක නවත්තන්න කියන්න, නැත්තන් හොදට දන්න කොල්ලො එක්ක විතරක් කතා කරන්න කියන්න, මොකද වෙන එකෙක් ඇවිල්ලා උස්සනකන් දන්නෑ

තව පුලුවන් තරම කතා කරන්න, නවත්තන්න එපා, මොකද කෙල්ලෙක්ගෙ හිත විනාඩියෙන් වෙනස් වෙනවා. ෆෝන් බිලට දෙයියන්ගෙම පිහිටයි!

ක්ලාස් එකකනම් ඉවරවෙලා යද්දි නලලට උම්මා(පොඩි එවුන්නෙ ඉන්නෙ :P ) එකක් දෙන්න, මාර ආසයි ඒකට. ඔෆිස්නන් කලින් යන්න කලින් දෙන්න, ලංකාවනෙ මේක ;)

කීයටවත් පැනලා යන්න අහන්න එපා, මොකද සිරාටම ක්ලාස් එන දවසක ඇදුම් මලු එහෙම උස්සන් ආවොත් උබලට ගෙදර ගිහින් ඉවරයි!

බ්‍රයිට් කේස් එකක් නන් පොඩ්ඩක් කටට රහට උයන්න පුරුදු වෙයන්, නැත්තන් මල රෙද්දක් වෙනවා.

තව සල්ලි ඉතුරු කරන්න පුරුදු වෙයන්, මොකද දන්නවනෙ සොපිං යන්න සෙට් උනොත්, ගෑස් බෝතල් දෙකක ගානට වඩා යනවා(කලින් පෝස්ට් එකේ දාලා තියනවා සීන් එක)

තව ප්‍රශ්ණ තියනවනන් අහන්න කමන්ට් එකක් දාලා, මිස් වෙච්ච එකක් තියනවනන් ඒකත් කමන්ට් කරන්න ;)

ජය වේවා, මම කැපෙනවා :D