Feb 7, 2012

හුටා බොඩිය!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මකුලු දැල් ටික කඩලා බ්ලොගේට බැස්සා බොලලට වැදි බනක් කියලා යන්ට!
පුදුම අමාරුවකින් කොටන්නෙ මේක, මක්කද මම ටික කාලෙකට මගේ දකුණු අතේ නියපොතු ටික වවලා බලන්න හිතුවා
 හා හා, ඩැන් බහිමු බොඩියට... මම කිව්වෙ කතාවට

Jan 13, 2012

කැලේ පිංතූරයක්

අෆ්ෆේ ඔන්ට කාලෙකින් මම මකුලු දැල් කඩලා මගේ බ්ලොග් කට්ටට සැපත් උනා. කරදරත් නැතුව නෙවේ!
හරි හරි එව්වා පැත්තකින් දාමු මම ගියා නෙව දකුණු ඇන්ඩ් යාල පැත්තෙ ලොකු රවුමක් ඉතින් ඔය අස්සෙ ගත්ත පොටෝ කටු ටිකක් තිබ්බා එව්වා ටික බෙදාගන්න හිතුවා. එහෙනන් හොද එව්වා ඩව්න් කොරගන්න, නරක එව්වා විසික්කකොරලා දාන්ට! අපිට ඉතින් අර වල් බනියගෙ වගේ කැමරා නෑ නෙව. ඔක්කොම (12යි ඈ) ගත්තෙ බැට්ටි බැස්ස XPERIA X10 MiNi එකකින්. කෝච්චි කතාවක් තියනවා ඒක පස්සෙ දාන්නන්. ජය වේවා ඈ!












Dec 20, 2011

සිංඩියට එපිටිං :P

ගොං කතාවක් දාලා තියනවා, මම සිංඩි යූස් කරන්නෙ කවුන්ටර් එක කරකව ගන්න නෙමේ, දෙයක් දෙන්න ඕන නිසා, ඔහොම කතා කරන එක වැරදී, දැන් එයත් සින්ඩියක් කරනවනන් ඔය කතාව ලියල තියෙන්නෙ එයාගෙ එකට කස්ටිය වැඩි කරගන්න නෙවෙද?

Dec 15, 2011

නිසදැසක්...

මේ මගේ දෙසැම්බරය
මගේම කාලය
අපි මුලින් හමුවූ කාලය
අපි වෙන්වූ කාලය
මතකය වැඩුනු කාලය
සුන්දර ළමා කාලය
වෙහෙසවත් තාරුන්‍ය

මට දෙන්න
ඔබේ අකීකරු
හිත නැවත
මගේම වෙන්න
හැම මොහොතම
වෙන්ව යන්න
අප මියෙනදාක

තනි උනාට
නැත තරුවක්
කිසි දිනෙක
නිවී යන්නේ
මගේ  පණ නුඹ
නැත කවදාවත්
මගේ සිතින් වියකී යන්නේ!
 
2006 New Zealand <3