මේ මගේ දෙසැම්බරය
 මගේම කාලය
 අපි මුලින් හමුවූ කාලය
 අපි වෙන්වූ කාලය
 මතකය වැඩුනු කාලය
 සුන්දර ළමා කාලය
 වෙහෙසවත් තාරුන්‍ය
 
 මට දෙන්න
 ඔබේ අකීකරු
 හිත නැවත
 මගේම වෙන්න 
 හැම මොහොතම
 වෙන්ව යන්න
 අප මියෙනදාක
 
 තනි උනාට
 නැත තරුවක්
 කිසි දිනෙක 
 නිවී යන්නේ
 මගේ  පණ නුඹ
 නැත කවදාවත්
 මගේ සිතින් වියකී යන්නේ!
|  | 
| 2006 New Zealand <3 | 
 
No comments:
Post a Comment