Jul 7, 2013

ප්‍රවුඩ්ලි මේඩ් ඉන් සිරි ලංකා!!

"ආ මහත්තයා එන්න!! මේ වාහන, ලෝකෙ වෙන කොහෙවත් නෑ අපේ ඩීලර්ස්ලා ඉන්නෙත් ලංකාවෙ විතරයි!"

ඒ 2020දී මහිංද මහත්තයා ලංකාවට හදුන්වා දුන්න පැට්‍රල් නැතුව කරන්ට් එකෙන් දුවන වාහන අලෙවි කරන කොම්පැනියක මහත්මයෙකි.

"මේ කාර් කොහෙද හදන්නෙ? අමු ද්‍රව්‍ය එහෙම?" ඒ වාහනේ ගන්න ආපු සාමාන්‍ය ජනතාවය. (මිනිහෙක් ඈ)

"ඔක්කොම ලංකාවෙ, නැතුව අපිට මෙච්චර අඩුවට කාර් එකක් දෙන්න පුලුවන්ද?? අපි ඊටත් ලැම්බොගිනි ආයතනයෙ සබ්සයිඩරී ආයතනයක්, ඒ ඩිසයිනටම කතා කරලා මහිංද මහත්තයා මේ කොම්පැනිය ඕපන් කරේ"

"ඇත්තනේ, මේ මනුස්සයා නැත්තන් ලංකාවට යන කල මොකද්ද, චංද්‍රිකාගෙ ආන්ඩුවෙන් පැට්ට්‍රොල් රුපියල් 5කින් වැඩිකරාම මිනිස්සු පෙලපාලි ගියා කියල අපේ තාත්ත මට කිව්වෙ. ඒත් මහිංද මහත්තයා හිටිය අවුරුදු ගානෙම පැට්‍රොල් 100%කින් වැඩි කරලා ඊට මාස දෙක තුනකින් ලයිට් බිල් 40% කින් වැඩි කරල දැම්මත් මිනිස්සු එයා ගැන නොහොදක් කතා කරේ නෑ, හරි සෝක් මනුස්සයා." වාහනේ බලන්න යන ගමන් ඔහු හිතුවේය.

"මහත්තයා මම ගාව දැනට මේ මොඩල් වලින් තියනවා, ලංකාවෙ ලැම්බොගිනි පාවිච්චි කරන්න ගත්තට පස්සෙ ඉතින් ලංකාවෙත් ෆැක්ටරියක් දැම්මා, මහිංද මහත්තයට පිං!" එසේ කියමින් ඔහු වාහන පෙන්නන්න විය. ඒවා මහිංද මහත්තය ලඟ වැඩ කරන අයගෙ නම් ගාවා ඇති බවට ඉන්දියාවේ සිට මවුබිමට පැමිනි ඔහුට පසක් විය!

"මහත්තයා මේ පලවෙනි කාර් එක, මේක තමා ලංකාවට මුලින් ගෙනාපු කාර් එක, ලැම්බොගිනි ගලාඩෝ!
ලක්ස 150යි, වැඩිය නෑ, අඩු පොලියට ගෙනියන්න දෙන්නන්. තාම අපේ ෆැක්ටරියෙන් එලියට ගෙනිහිල්ලා නෑ. නාමල් මහත්තයා දවස් දෙකක් තුනක් පැද්දා එච්චරයි"

"මොකක් උනත් නාමල් බේබි පැදපු භාන්ඩයක් කියන්නෙ, සිම්පල් නෑ" ඒ ඔහුගෙ සිතුවිල්ලයි.

"මහත්තයා මේ අනිත් එක, ලැම්බොගිනි "ජොනීට" ඇරපන්'ඩෝ, හැම මාසෙම ලක්ශ 20ය ගානෙ මාස 24කට ගෙවන්න ගන්න පුලුවන්, තව බැටරි එකෙන් වැඩ කරන නිසා ගෙදර ලයිට් බිලට හැම මාසෙම ලක්ශ 1.5ක් විතර එකතු වෙන්න පුලුවන්, තව මේ වාහනේට මාසිකව බද්දක් වැටෙනවා රජයෙන් 50,000ක. ලස්සන මොඩල් එක"

"ඔව් නේ, අපි අනිත් ඒවත් බලමුද?" ඒ ඔහුගේ පිලිතුරයි.

"මේ තියෙන්නෙ රනිල් මහත්තයා මතක් වෙන්න ගහපු මොඩල් එක, ලැම්බොගිනි අපිට පාං'දෝ. රනිල් මහත්තයගෙ වචනෙක කවදාවත් ''මම'' නැති නිසා ඒ මොඩල් එකට එහෙම නම දාන්න කියලා ශිරංති මැතිනය කිව්වා. මාසෙකට 30ගානෙ මාස 24ක්, ලයිට්  බිල් එකට ලක්ශ 2ක් බැටරි කැපෑසිටි එක වැඩි නිසා, හැබැයි අද්දනව හොරයි. රජයේ මාසික බද්ද 10,000යි. මාර ලාබයි, එහෙම බැලුවාම" මේකවත් ගනීදෝ කියලා හුස්මක් ඇරපු සේල්ස් මෑන්'ය

"ලේසි නෑ නේ, අපි ඊලඟ එක බලමු" වාහනේ වටිනා කම අනූව නමද තියෙන්න ඕනෙ නිසා ඔහු එසේ කීය.

"මේක මහත්තයා රජතුමා රජයේ ඇමතිලා වෙනුවෙන් ගහපු එකක්. අවුරුද්දට ලක්ශ 25යි අවුරුදු 25යි. වාහනේ චාජ් කරද්දි ගෙදරට බිලක් එන්නෑ, ඒවා නිකන්, බැටරි කැපෑසිටි එක වැඩිම මේවෑයෙ.
මේක "ජනතාවට හිකෙන්ඩො" කියන මොඩල් එක.... දැනට වැඩියෙන්ම සේල්ස් තියෙන්නෙත් මේකෙ.

මහත්තයට පෙන්නලා වැඩක් නෑ නමුත් අපි මහ ජනතාවට දෙන සාමාන්‍ය මිනිහට දෙන වාහනයක් තියනවා, මාසෙට ලක්සෙ ගානෙ ජීවිත කාලෙම... වාහනේ නම "පලයන්ඩෝ" ඉස්සරහට එන හැම ආන්ඩුවම මේ වාහනේ ජනතාවට සහන මිලට අරගෙන දෙනවා....




ඔලුව රිදෙන්න ගත් බැවින් ඔහු එලියට බැස්සෙ හිටපු රටටම යන අටියෙනි...

May 4, 2013

චාමර & ආප්ප තොප්පිය

ආයුබෝං කිව්වා, කාලෙකිං මේ පැත්තෙ ආවෙත් නෑනෙ :) කෝමෙයි කස්ටියට. කඩාගෙන බිදගෙන ආපු එකේ මෙන්ඩ උස්සපු කතාවක්, ලිව්වෙ වජී, ඉස්සුවෙ මලියා :D

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...

Mar 19, 2013

ලංකාව හා අපාය

ඕන් ඉතින් ලංකාව කිව්වාම කස්ටියට නිකන්ම මතක් වෙන්නෙ අපාය නෙව, මහිංද මහත්තයට අපේ මුතුං මිත්තංට පිං සිද්ද වෙන්න.
අපිට පොඩි කාලෙ කියල තියන කතා වලට, එහෙනන්.....

Mar 10, 2013

කෙල ටිකක් ගාලා බස්සන්න එපෑ!!

ඔන්න එයාෆෝස් එකේ ඩයල් එකක් හිටියලු, හරි සෝයි කැප්ටැං කෙනෙක්ලු, මිනිහා ගානට  නූලට C-130  ටේක් ඕෆ් ලෑන්ඩිං ටික කරලා පොඩි නමක් තියපු කෙනෙක්ලු.