කෙල්ලෙක්ට කොල්ලෙක් අල්ලගන්න ඕන විදිය කියලා දෙන්න ඕනෙ නෑනෙ, ඒවා උපන් ගමන් තියන හැකියාවල්නෙ!
කොල්ලෙක් ලයින් කියලා හොයාගන්න බැරිනන් වටේ ස්කෑන් පාරක් දාලා බලන්න කොල්ලෙක් එහෙම ඉන්නවද කියලා තමුන් දිහා බලාගෙන්
තව ඒ කොල්ලා නිදි වරාගෙන තොල විකාගෙන මැසේජස් එහෙම එවනවනන් අන්න ඒකත් එක්තරා අන්දමක ට්රයි එකක් කියලා කියන්නත් පුලුවන්!
කොල්ලා කැමති දේවල් හොයාගන්න, කෑමක් වගේ දෙයක්නන් එයාට දෙන්න, මිනිහා සතුටු වෙයි හොදට
කොල්ලෙක්ට මුද්දක් අරගෙන දෙනවනන් අන්න ඒවෙලාවෙදි
එල, ඊට පස්සෙ මිනිහා කොහොම චරිතයක්ද කියලා හොදට වටහගන්න, ඩීසන්ට් පිට ඉන්න ඩයල් එකක් නම් ඌව වල් කරන්න යන්න එපා
කොල්ලා කැමති නැති දේවල් කරන්න එපා, විසේසයෙන් කොටට ඇදිල්ල, කැමති නැත්තන් අදින්න එපා(දැන් ඉන්න එවුන් ඇන්දත් එකයි නැතත් එකයි ;) :P )
තව කොල්ලො එක්ක කතා කරන එක ලිමිට් කරන්න, සමහර කොල්ලො කැමති නෑ තව කොල්ලො එක්ක කතා කරනවට.
කොල්ලව කවද හරි දාලා යන්න බලාගෙන වැඩ කරනවනන් එයාට නොදැනෙන්න ඈත් වෙන්න, ඒ වේදනාව ඉවසන්න පුලුවන් වෙන්නෙ මම වගේ හොද කොල්ලෙක්ට තමා.
නැත්තන් ඉතින් චරිත ඝාතනයකුත් කරලා, මාස දෙක තුනකට ගෙදරිනුත් බහින්න බැරි කරලයි නවතින්නෙ. මම අර වැඩේ කරලා තියනවා, කෙලින්ම මාසයක්ම ගෙදර!
(කොල්ලො එහෙම දේවල් කරන්නෙ හිත හදාගන්න, නමුත් කැඩිච්ච හිත හදන්න අමාරුයි!, ඒ ගොල්ලො ආයි ඒවට පසු තැවෙනවා_