Aug 28, 2011

රථගාය (රතගාය නොවේ)

ජංගි පොඩ්ඩක් ගැට ගහගත්තු, වීල්බැරෝවක් අතට ගත්තු රතගාය රථ ගාය හැදිච්චි කොලුවෙක් එයි.

මිනිහා පොඩි උනාට මිනිහගෙ වැඩනන් ලොකුය. නමින් රසික වේ. මිනිහා ඔහුගේ ලාඩං ටකරං විල්බැරැක්කෙ උස්සගෙන හැමදාම හවසට ගේ වටේ හෝ අසල තියන ස'විස් ගැරාජ් එකට යයි.

එක් දිනකදී මිනිහා මම අහම්බෙන් දැක්කෙමි, ඒ අමතක නොවන සිදුවීමක්ද සමඟයි!

(රසිකයා ස'විස් ගැරාජ් එක අසලට පැමින)

අඩෝ!!!කවුද මෙතන ඉන්නෙ??

ඇයි?? මොකද තමුසෙ කෑගහන්නෙ?? - රීප්ලයි එක සැරට ආවේය

ඉක්මට එනවා එලියට!

ඇයි මොකද??

ඉක්මනට ගිහින් මගේ බෙන්ස් එක හෝදනවා! පල පල ඩෝ ඉක්මනට!!

කෝ දැන් බොගේ මහ ලොකු කාර් එක??

ඇයි යකෝ අර තියෙන්නෙ!! ආ ඉදා (රු.10 නෝට්ටුවක් දික් කරයි) ගිහින් මටත් එක්ක ටොපියක් අරගෙන ඇවිල්ලා හොදට දිලිසෙන්න මේක වොස් කරපන්!

(කාර් එකක් හද්දා දොටේ තිබෙනමුත් බෙන්ස් එකක් පලාතකවත් නැත) කෝ බං උබේ වාහනේ??

අර තියෙන්නෙ,

තෝ පෙන්නුවෙ බොගේ විබැරැක්කෙද??

එන්නෙපා හරිය විල්බැරැක්කෙ ගාගෙන, මම ඕක පරිස්සන් කොරං ඉන්නෙ මගේ මගුලට යන්නත් ඕනෙ ඕක නිසා!


.............

මෙය මෙතනින් නැවතුනේ නැත, මිනිහා කන අල්ලන් ගෙදර දුවනවා දැක්කෙමි.
.............

සමාවෙන්න මම කලින් පෝස්ට් දෙකටම පිලිතුරු සැපයුවෙ නෑ. වෙලාවක් හම්බඋන ගමන් දෙන්නන් රීප්ලයියක්!

ජය!

1 comment: