කිලෝමීටර්...
මැන්ඩි සහ ජනා දිනක් ගමනක් යෑමට පිටත් විය.. ඒ යන අතර ජනාට පාර ගැන සැක හිතුනි...
ජනා - මැන්ඩියො.. හොඳටම සුවර්ද අපි යන පාර හරිය කියල ?
මැන්ඩි - ඇයි බොල.. තොට මාව අවිශ්වාසද ? මේක තමයි පාර... මරු පාර :D
ජනා - මරු පාරක් නම් තමයි.. මං කිව්වෙ නැද්ද. මට සැක හිතුන.. මං හිතුව හරි...
මැන්ඩි - උඹ ඔය මොකක් ගැනද දොඩවන්නෙ ?
ජනා - ඇයි ගොනෝ පේන්නැද්ද.. මේක සොහොං පිට්ටනියකට යන පාරක්නෙ.. :/
මැන්ඩි - මොනවා.. භය හිතෙන කතා කියන්න එපා යකෝ.. සොහොන් පිට්ටනියක් නම් හොල්මන් එහෙමත් ඇති :(
ජනා - අඩෝ.. අර තියෙන්නෙ සොහොන් කොතක්.. කිට්ටු කල්ල බලමුද ?
මැන්ඩි - බලන්න ඕනෙමද ? එහෙනං යමං.. හැබැයි තනියම බෑ>. දෙන්නම යමු..
ජනා - මේකෙ උඩින්ම කොටල තියෙන්නෙ මේ මිනිහගෙ වයස වෙන්ටැ.
මැන්ඩි - 250 යි :O අඩෝ.. මිනිස්සුන්ට අවුරුදු 250ඉක් ජීවත් වෙන්ඩ පුළුවන්ද ?
ජනා - ඔව්.. සමහර විට මේ ගමේ මිනිස්සු එච්චර කල් ජීවත් වෙනවද දන්නෑ.
මැන්ඩි - ජනෝ.. මොකක්ද ඔය වයසට යටින් ලියල තියෙන නම ?
ජනා - ම්ම්. පොඩ්ඩක් හිටිං.. නම පොඩියට කොටල තියෙන්නෙ.. තව ජුන්ඩක් ලං වෙලා බලමු..
අඩෝ. මේක මහ අමුතු නමක් බොල..
මැන්ඩි - මොකක්ද නම ?? :O
ජනා - කිලෝමීටර්................
අඩේ කිලෝමීටරයා මැරිලද මල කෙලියයි
ReplyDeleteමාර සීන් එක... කොහේ පොරක්ද බං ඒ මැරිලා තියෙන්නේ... මයිලක් මැරුනනම් මොනා හරි කරන්න තිබ්බ.... ඒත් කිලෝමීටර්යක්????
ReplyDeleteකොහේද ඔය ගම.....යාපනේ පැත්තෙද..
ReplyDelete250 තිබ්බේ කොහෙද දන් නෑ....
ReplyDelete