May 19, 2011

දිලුම් නොහොත් අපේ ඉලංදාරියා ඔබට නිවන් සුව!

අපේ කුප්පයා නොහොත් රත්ගමයා කියන විදියට ඔහු අපෙන් සමුගෙන ඇත.
මම බනියටද කෑගැහුවේ විහිලුවක්නං නවත්තපං කියලා.
නමුත් ඔහු හැරදා ගොස්ය.

උදේ 7.32 නැගිටලා ඇදුම් මැදලා ඊබේ එකේ දිනපු බිඩ් එකක් දැකලා හිනාවෙවී ඉන්නකොට හිතුනා බුකිය පැත්තෙ කැරකෙන්න. ගියා විතරයි

"මිය ගිය නුඹට නෙවේ මචං දුක..
ජිවත් වෙලා ඉන්න අපිටයි...

දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

වෙන කවුරුවත් නෙමේ අපේ බනියා දාලා තියෙන්නෙ,
මම යටින් කමන්ට් කරා "අඩෝ බනියා බොරු කියන්න එපා, උබ බොරු නේද කියන්නෙ?" කියලා.
නමුත් ඇත්තම තත්වය දැනගනිද්දි කතාව ඇත්ත,
"සිරාටවත් කියන්න එපා බං, දුකයි" කියල මම ආයි කමන්ට් කලා.

ඉලංදාරියා මට හම්බ උනේ සයිබර් සිංහල අලුත් අවුරුද්ද උත්සවයේදි. මුලින් ක්ලික් උන්නෑ නමුත් අදුරගත්තා. කිසිම දෙයක් මුහුනෙන් පෙන්නුවෙ නෑ, අමුතු හැගීමකින් කොල්ලා හිටියෙ.මෙහෙම දෙයක් වෙයි කියල මිනිහ හිතන්නැතුව ඇති.

මචං දිලුම්, සිංහල බ්ලොග්කරුවන් හා සියලුම කියවන්නන් නුඹව තව කාලාන්තරයක් යනකන් කතාබහට ලක් කරයි, මතක් කරයි, පිං දෙයි.
මචං උදේම අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, කමක් නෑ බං යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!



                                             "මිය ගිය නුඹට නෙවේ මචං දුක..
                                                     ජිවත් වෙලා ඉන්න අපිටයි...

                                               දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

May 14, 2011

යකාගෙ කෑමක්නෙ කන්නෙ!

කතා දෙකක් තියනවා, කියවලාම බලන්නකො කොහොමද කියල,
ඔන්න අද කොටන්න ගිය එක නෙමෙ කොටන්නෙ මොකද 'මලියා ගාල්ලෙ නටපු පිස්සු' දානවනන් අනිවා ඩෙෆා විරුද්ද පාර්ශවය, ඒ කියන්නෙ රජයේ පාර්ශවයෙන් පොඩි අවසරයක් ගන්න වෙනවා. (නැත්තන් සුදු වෑන් එකක් එවුවොත් මොන දෙයියන්ට කියන්නැයි).

හරි හරි කතාවට බහිමුකො,

අද රෑ නටපු පිස්සුවක් මේ කියන්න යන්නෙ, කස්ටිය කාලා තියනවද උයපු මාළු, උයපු වට්ටක්කා සමග ලුණුවල පොඟවපු මිරිස් එක්ක එකට බැදලා කාලා?
ආයි ඔය හම්බවෙන වෙලාවක් බලලා හදලා කාලා බලන්න,
මම හැදුවා, හැදුව විතරක් නෙමේ හදලා අම්මගෙන් "ඕකාට පිස්සු" කියලත් අහත්ගත්තා.
මෙහෙමයි බෝතල් කාලෙන් භාගයක් හෝ ඊට වැඩිය දාලා මුලින් මාළු කෑලි දෙක තුනක් දාන්න, ඊටත් පස්සෙ වට්ටක්කා ටික දාන්න, ඔන්න ලාවට බැදුනාම මිරිස් ටික දාන්න.
ඔන්න අරගෙන බත් එක්ක රිසිසේ බුක්ති විදින්න.

දෙක -,

මම තමා 2010 රිය නියාමක අංශයේ නායකයා, හැබැයි කතාව 2009 එකක්,
සම්බන්ද කස්ටිය තමා මම, හිරාන් (මාස්-කරාල), ඩිහාන් (පී.එම්.), තනූශ (තනකොටා) තව හිටියා ඒගොල්ලො තමා මට වඩා ලොකු සෙට් එක, තනයා ඇරෙන්න අනිත් සෙට් එක බොක්කෙ සෙට් එක,
අපිට කිව්වා බාලාංශයේ අලුත් මල්ලිලා එන නිසා පිට්ටනියෙ වාහන හසුරවන්න කියල.

කොහොමින් කොහොම හරි 11ට විතර අපිට කන්න එන්න කිව්වා, මමනන් කවුද ඉන්නෙ කියල බලන්නැතුව කිරි පැකට් 10ක්ද කොහෙද අරගෙනත් දුන්නා. අතේ තියෙන්නත් එපැයි.
ඉතින් ඔෆිස් එකට දැන් කස්ටියම රිංගුවා. අපේ ලොකු අයියා(ප්‍රින්සිපල් ගොයියා) ඇවිත් කිව්වා,
"බොහොමත්ම ස්තූතී ඔයගොල්ලන්ගෙ වැඩේට, පුතාලා දැන් කන්න" කියල.
කිව්වා විතරයි කස්ටිය හොයාගෙන ගිහින් කෑවෙ.
තිබ්බෙ කිරිබත්, ලුණුමිරිස්(හෙන පොඩ්ඩක්), කෙසෙල්, බිස්කට්(පෙට්ටියක්ම දුන්නා).
දැන් කස්ටිය හිටගෙන ඉදගෙන ගේම දෙනවා. ලොකු අයියා ආවා මම ගාවට(සෙට් එකෙන් පොඩ්ඩක් එහා මම හිටියෙ),
"හ්ම්ම් මදි වෙන්නැතෑ, යකාගෙ කෑමක්නෙ කන්නෙ නැද්ද ලමයො"
ඔච්චරයි කියන්න හම්බඋනේ හිරාන් අයියා ඇවිල්ලා සර්ට කියනවා,
"මෙන්න, සර් 2011 කැප්ටන්, හොදට බලාගන්නකො"
එයා අහිංසක හිනාවක් දැම්ම,
'දැන් මූ ගිහින් අනිත් එවුටත් කියයි' කියල වගේ.
කොහොම හරි කාටද එකෙට්ට ඉස්මුරුත්තාව හැදිලා ශේප් එකේ පංතියෙන් ගිහින් තිබ්බා.

ජය වේවා කියල අපි කැපුනා!

පුන්චි හෙල්ප් එකක් ඕනෙ,

පුලුවන් උත්තමයෙක් මම යටින් දාන ලින්ක් එකට ගිහින් මලිත් කුශාන්ට ඔබේ චන්දය ලබාදෙන්න. මේ වෙසක් සමයේ ඔබට පින්. (අනිවා දෙනවා)
මෙන්න ලින්ක් එක












http://www.micropoll.com/a/mpview/1074931-419186


මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'

May 7, 2011

පිස්සු රේඩියෝව














Listen with Winamp/iTunes

Listen with Windows Media Player