Mar 18, 2011

මොකද හිතෙන්නෙ?


බලපල්ල මෙහෙමත් බිස්නස් කොරන එවුන්!












ජේ.බී. මල්ලි/නන්ගි ලස්සන පොටෝ එක
මේක නිකන් අමුතු දෙයක් හිතට එනව, හිතෙන්නැද්ද හිත කැමති තැනකට යන්න තටු ලබාගත්ත කියල.
මම ලේ වලට මාර ඇල්මක් තියෙනව, අනේ මන්ද තුවාල උනාම බලාගෙන ඉන්නව, හැබැයි මගේ හදවත තුවාල උන වේලාවෙ විතරක් හිතුනා මම හීනයක්ද  දකින්නෙ, මම මැරිලද කියල.
මේක නන් 4-5 කොල්ලෙක්ට කිව්වනන් එලට විශ්ලේශනය කොරල කියලත් දෙයි.
 |අෆ්ෆා අනිත් කෙල්ලත් එක්ක ලයින් එකේ|
 සා දකින්නත් සතුටුයි මේ වගේ ප්ලේස් පොඩ්ඩක්
 ඔව්ව මම නන් දන්නෑ මම පොඩි එකා, කැත විදියට හිතුවොත්නම් පෙනෙයි.
 දෙයියනේ ඇමරිකන් කොඩිය මේඩ් ඉන් චයිනා!

 2006 ලමයි හොදේ දැන් කාලේ කස්ටිය ඔව්ව දන්නෑ නොවෑ
සුන්දර දර්ශනයක්, කෙලි පොඩ්ඩ දකිද්දි මෙහෙම වෙන්නැද්ද?






මටත් හිතෙනවා පොඩ්ඩක් කෑගහල ඉඩO කෑල්ලක්ම ඉල්ලගන්න.

බොරු හොයන යන්තරේ

මේ කතන්දරය කියල දුන්නෙ මට ඉතිහාසය උගන්නවපු කමල් සී. මග්ගොන සර්. එයාව දන්න කියන කස්ටිය ඉන්නවනන් දන්නව ඇතිනෙ පොරගෙ ගති, මට හම්බවෙච්ච සිරාම සර් කෙනෙක්.

කතාවට බහිමු නේද,

එක කාලෙක හොයාගත්තලු බොරු හොයන යන්තරයක්, මේකෙන් කෙනෙක් කියන බොරු අල්ලන්න පුලුවන්. ඉතින් ඕක මාකට් කරාට පස්සෙ අපේ ඩයල් එකක් ගිහින් ඒක අර පරික්ශා කරන්න කාලයක් තියාගන්න ගිවිසුම යටතේ ගෙදර අරගෙන ආවලු. ගෙදරත් කිසි ප්‍රශ්නයක් නැතුව සතියක් දෙකක් ගෙවුනලු,

හොදම සෙල්ලන් ටික පටන් ගත්තෙ ගෙදර පොඩි එකා ක්ලාස් ගිහිල්ල ගෙදර එන්න පරක්කු උන දවසෙ.
තාත්ත ඇහුවලු කොහෙද ගියේ කියල, කොල්ල කියල යාලුවෙක්ගෙ ගෙදර ගියා කියල. අර යන්තරේට පුලුවන් බොරු කියන මිනිහට පාරක් ගහන්න, පොඩි එකාට වැදුනලු දවසේ ශොට් එක. මිනිහ ඊට පස්සෙ කියනව ෆිල්ම් එකක් බලන්න ගියා කියල.

ඔතනින් ඉවර උනේ නෑ තාත්තට කට තියන් ඉන්න බැරි පලියට කිව්ව 'මම ඔය වයසෙදි ඔහොම හිතලවත් නෑ' කියල. තාත්තට සෙකන්ඩ් ශොට් එක කන හරහා කිව්වලු.

අම්ම නෝන්ඩි හිනාවක් දැම්ම තාත්තට.

එයා අහනව ඇයි මොකද කියල,
අම්ම කියනව 'ඉතින්, තාත්තගෙ පුතානෙ' කියල.
විස්වාස කොරන්න ඊලග ශොට් එක අම්මට ක්නොක් අවුට් වෙන්න.

ඔන්න ඉතින් ඊලග දවසෙ ඔය මගුල වැඩ කරන්නෑ කියල ශොප් එකට ගිහින් දුන්නලු.


එල සීන් එක නේද?

Mar 17, 2011

අපි පා,,ගලා,,යා,,,මුකෝ හැටට හැටේ!

ඔන්න හොට් හොට් නිව්ස් එකක් හැබැයි දවසක් නිවිලා, මේකයි සීන් එක මලියා කියල එකෙක් ඉන්නෙ ඔව් ඔව් අර මම හැමදාම දකින එකා, කන්නාඩිය ඉස්සරහ. මිනිහ සාපේ, නූලෙන් ඇග බේරගත්තා. හැබැයි මොන කරුමෙකට හරි ගණිතය කෙලියා, තාක්ශනික විශය මහ ඉහලින් ගොඩ, ජාතිය සහ ආගමද යහතින් තියනවා, කඩ්ඩද හිස්ටොරියද එල කිව්වලු, තව පුරවැසිභාවය සහ කළාවද ගොඩ, වෙන පිස්සෙක්ට වඩා විද්දියාවද ගොඩ කිව්වලු.

අපේ එවුන් කිව්ව පාගල යමුකො හැටේ කියල, හැබැයි තව එකෙක් කියනව බැරිනන් පාගල පල ඇටේ කියල.


අම්මා කියනව මූ හිටපු විදියට ගොඩ ආපු එක මාරයි කියල, තාත්තට පොඩ්ඩක් විතර අස්පට් ගහලා. මොනව උනත් මම ගොඩ. සියලුම සහෝදර සහෝදරියන්ට ජය වේවා කියල අපි කැපෙනව.

Mar 9, 2011

අහවල් එක දොරට අහුකරගත්ත එකාගෙ ඉස්ටෝරිය

මම කලින් පෝස්ට් එකෙ කියල තිබ්බ ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු.(අහවල් එක දොරට අල්ලගත්ත එකාගෙන් ඕක තේරුම් ගන්න පුලුවන්) කියල, මේක මම ඉස්කෝලෙ යද්දි මට ඇහිච්ච කතාවක්. ඕන් කිව්ව ඇත්ත බොරු මම දන්නැතෝ, හැබැයි පොඩ්ඩක් හරි සිරා කියල හිතුන නිසා දානවා.
මේකයි වෙලා තියෙන්නෙ,,,,
සෙට් එකක් ගිහින් යාලුවෙක්ගෙ ගෙදරක, මිනිහ පොඩ්ඩක් යමක් කමක් තියන ඩයල් එකක්ලු, මුන්සෙට් එක මොකෝ කරල තියෙන්නෙ ඒවෙලාවෙ බොතලයකට ගේම දීල.
ඕක ඉවර කරල ඉවරවෙලා ඉතින් කස්ටියට අම්බානක වැදිල, එකෙක් ඇදේ ඔලුව බිම දාගෙනලු, තව එකෙක් පරණ කොට්ටයක් බදාගෙන ඉන්නවලු, ඒ අස්සෙ එකෙක් නාගන්න ඕනෙ මචන් කොහෙද බාත්-රූම් එක කියල අහල ඒ පැත්තට වැනි වැනි ගිහින්, පොඩි වෙලාවක් ගිහින් මෙන්න අරූ කෑගහනවලු හු**)))))යි කියල. අනිත් එව්න් කොට්ට උඩ දාලා සරම් ගලෝගෙන ඇවිත් බැලුවලු මොකෝ සීන් එක කියල. හුටා මූ මුගේ එක අහුකරගෙන අර දොර දෙකක් තියන්නෙ (අර ජාතියේ එකක්) .  
මූ අහුකර ගත්තෙ කොහොමද කියලනන් අහන්න එපා, මේක මමත් අහුල ගත්ත කතාවක්.