Mar 31, 2011

යාලුවො සෙට් වීම සහ බල්ලට නිදි පෙති පෙවීම "මුරන්ඩු කොල්ලා II"


මිනිහ 6 වසරෙ ඉන්නකොට හම්බවෙනව එල යාලුවෙක් මිනිහ නමින් රංග, මිනිහ වමත් ඩයල් එකක්. දෙන්නම හිටියෙ චූලා රණසිංහ මිස්. මිස් මුන් දෙන්නට මාර ආදරෙයි. ඇයි උදේ පීරියඩ් දෙකම විද්‍යාව. චූලා මිස් තමා කරන්නෙ, මම පලවෙනි ඩෙස්ක් එකේ අරූ දෙවනි එකේ තුනේ තව කවුද බුවෙක් හිටියා. මම ලියනකොට මගේ අත අරූගෙ ඩෙස්ක් එකේ පොඩ්ඩක් විතර. මිනිහ ලියන්නෙ වමෙන්නෙ ඉතින් අපි වලි.

කොහොමින් කොහොම හරි අපි දෙන්නා කියෝනවයි, ගහගන්නවයි. මෙලෝ සංසාරයක් නැතුව ඉතින් පන්තියේ ඉන්නව. එක දවසක් අපි වලි දාගෙන ගෙදර ආවා, ආ කියන්න ඕනෙ මුගෙන් තමා ඔය අලුත් අලුත් වචන කෑලි එහෙම හොයාගත්තෙ.

ගෙදර ආවා කියල එතනවත් සැනසීමෙ ඉන්න එපැයි ඔන්න ඔය අස්සෙ බල්ලෙක් කෑගහනව. තියෙන මලත් එක්ක, අපේ සීයාගෙ කබඩ් එකේ තියනවා ඕන කුනු ගොඩක්, තෝරල බේරල ගත්තා නිදි පෙති 5ක් විතර ගියා බල්ල ලගට,
"ඇරපිය ඩෝ කට" මූ අහන්නෑ
ගෙදර තිබ්බා පාන් පෙති ටිකක්, ගත්තා ගානට ගනන් කරල දෙකක්, පෙති දැම්මා තක්කාලි සෝස් දැම්ම. රෝල් කරා. අනේ අර බවු කුක්කා නිකන් ගිල්ලා කෑම දැක්කෙ නැති ගානට. මූ ශපාන් එකේ පොඩි දුරක් ගියා වැටුනා නෝ සද්ද බද්ද, නිදි පැය 2ක් විතර.

ඊට පස්සෙ ඉස්කෝලෙ ගියාම තමා හිතුනෙ රංගයට දුන්නනන් මට ආතල් එකේ ලියන්නත් තිබ්බා කියල. ඔන්න එදා මම එක දෙයක් හොයා ගත්තා, අදටත් මූ මෙහෙමයි "බත් කන්නෑ අතින් අල්ලලා, අම්ම තමා කවන්න ඕනෙ, එතකන් පාන් හරි ශොර්ට්-ඊට්ස් තමා උස්සගෙන එන්නෙ"

ප.ලි. - චූලා රණසිංහ මිස් දන්න කෙනෙක් ඉන්නවනන් කරුණාකරල දැනුම් දෙන්න පුලුවන්ද රංගයි මලිතුයි මිස්ව මතක් කලා කියල.

Mar 30, 2011

මුරන්ඩු කොල්ලා

ඔක්කොම පටන්ගන්නෙ මූ 5වසර මුලදි ඉස්කෝලෙ කරපු දෙයකින්. එදා උදේ දෙමවුපිය රැස්වීම, කොල්ලො සෙට් එක ඔක්කොම පිට්ටනියට යැවුව්වා සෙල්ලන් කරන්න කියල.
උදේ පාන්දර අර යකාට මලපැනල අම්මත් එක්ක,
"මොනාද අනේ පරක්කු වෙන්නැතුව එන්නකෝ"
"හරි පොඩ්ඩක් ඉන්න කියන වේලාවටම යන්න බෑනෙ"
"නෑ නෑ පුලුවන්"
කොහොම හරි මූ ඉස්කෝලෙට පැන්නා.
මිනිහ ගියා පිට්ටනියට, පොර ඉස්කෝලෙ ආවෙ 4 වසර අන්තිම හරියෙ, ඉතින් වැඩිය යාලුවො නෑ. ඔය වෙලාවෙ පොර දැක්කා එක කොල්ලෙක් තව එකෙක්ට ගහනව.
ගිහින් ඇහුව
"මොකද්ද ප්‍රශ්නෙ උබල දෙන්නා ගහගන්න"
"මූ මට නිකන් ඉන්න දෙන්නෑ, වැලි වලින් ගහනවා"
මුන් දෙන්නා විතරක් ගහගත්තනන් ඉවරයිනෙ, මෙන්න මේ වලි බේරන්න ආපු එකාටත් ගහනවා.
"ඇයි ඕයි මට ගහන්නෙ, තොට මොලේ හොද නැද්ද?"
"ඇයි උබ මැද්දට පැන්නෙ, මට කවුරුවත් මෙහෙම කතා කරල නෑ, උබ එන්නෙපා එහෙම ඒවට"
ඉතින් වලිය බේරන්න ගිය එකාගෙ මල අතේ, අරූට සම්බෝලෙ කවන්නමයි හිත.
"තෝ වරෙන් බල්ල යන්න, අනුන්ට ගහන්නෙ, වරෙන් තොට දෙන්න."
"ඇයි උබ මොනව කරන්නද?, ආ,, වරෙන් ගහපන් එකක් පුලුවන්නන්"
මූ බලාගෙන හිටියෙ නෑ, ගැහුව, මිනිහ වලි කාරයාව ඇදගෙන ගිහින් තිබ්බ පන්තියෙන්.
"මොකද මේ?" ගුරුතුමියගෙන් පටන්ගනත් කලින්ම ප්‍රශ්නයක්.
අරූ එක පාරටම පැනල කිව්ව
"මිස් මෙන්න මූ අරූත් එක්ක ගහගද්දි මටත් ගැහුව"
"අඩෝ පෙරේතයා මම තෝව මරනවා"
5 වසරෙ කොල්ලෙක් මෙහෙම හැසිරුනා කියන්නෙ, අම්ම කියනවා
"මොනවද ඔයා ඔය කරන්නෙ මම ආයි එන්නඕනෙ ඉස්කෝලෙට, ඊටත් මෙහෙමද හැසිරෙන්නෙ?"
කට උත්තර නැත.
එදා ඉදන් ප්‍රින්සිපල් උනත් "කෝ අර මුරන්ඩු කොල්ල," කියල මතක් කරපු කාලයක් තිබ්බා. තව කොටසක් දෙන්නන් මිනිහ ගැන තව ටික දවසකින්. ඔක්කොටම ජය වේවා.

ප.ලී. - හෙම්බිරිස්සාවට කැස්සට හදපු බෙහෙත් බීලා, බෙහෙත් වැඩිවෙලා මත් උනාම මොකෝ අනිත් දවසෙ කරන්න ඕනේ?

ප.ප.ලි. - සිරප් හොදෙ, නිකන් නැගිටින්න පන නෑ වගේ නිසා ඇහුවෙ, බෙහෙත පිරිටන් ඩී.ම්. ද කොහෙද. මත් වෙලාවගේ කිවුවෙ ඒකෙන් හැදි 5ක් විතර ගහල, තාම වෙන මොනවත් ගැහුවෙ නෑ, කොටින්ම කාලවත් නෑ.

අන්ධ කල ආදරය, සදහටම අන්ධ විය

මේ කතාව ඔය කවුරු හරි කොතැනකදි හරි කියවල ඇති, නමුත් මේක මාර හිතට වදින කතාවක් කියවලම බලන්න.
අන්ද භාවයෙන් පෙලෙන කෙල්ලෙක් හිටියා. එයා ඉස්කෝලෙ යන්නෙ එයාගෙ ඇස් පෙනෙන අක්කා කෙනෙක් එක්ක. දවසක් බස් එකේ යද්දි කොල්ලෙක් මෙයාගෙන් ඇහුව
"මම ඔයාට කැමතී, ඔයා මගේ වෙනවද?"
ඒ අහින්සක ඉල්ලීම හොද හුරුබුහුටි කොල්ලෙක් කරේ කියල අර අක්කා කිව්ව.
මෙයා ඊට පස්සෙ ඉදන් එයත් එක්ක එකට හීන මැවුවා, එයා එක්කම කතා කරා.
කොල්ලා මෙයාට වඩා අවු;1ක් වැඩියි. මෙයා විභාගය කරල ඉවරවෙනකොට මිනිහ යමක් කමක් තියෙන තත්වෙකට ඇවිල්ලා හිටියේ. මෙයා දවසක් කියනවා එයාගෙ රැජිනට
"මම තව ලොකු කාලයකට ඇතිවෙන්න මගෙ ව්‍යාපාරය දියුනු කරල තියෙන්නෙ, අපි දෙන්නට එකට අවුරුදු ගානක් උනත් තනියම අපේ කියල ගෙදරක ඉන්න පුලුවන්" කියල.
කෙල්ල කියනව "අනේ මගෙ ඇස් දෙකෙන් ඔයාව බලන්න පුලුවන්නම්, මම ඔයාව කසාද බදිනව." ඕක කොල්ලගෙ හිතේ වැදුනා.
මිනිහ තව තවත් ව්‍යාපාර දියුනු කරල එයා ගෙයක් අරගෙන අවුරුදු කීපයක් ම කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් තැනට කටයුතු කරා.
ඔහොම යනකොට මේ ගෑනු ලමයට ඇස් දෙකක් පරිත්‍යාග කරනවා, මෙයා මුලින්ම යන්නෙ එයාගෙ බොහෝම ආදරණීය කොල්ල ලගට.ගියාම දකිනව එයා අන්දයි,ඇස් පේන්නැති කෙනෙක් කියල.
"ඔයා කිව්ව මාව දැක්ක දවසට මාව බදිනවා කියල, ඒක නිසා....."
කියල ඉවර කරන්න හම්බ උන්නෑ, අර කෙල්ල ඉතා නින්දිත විදියට කොල්ලගෙ ඉල්ලිම ඉවතදැමුව නිකන් අකටයුත්තකට යෝජනා කරා වගේ.
නින්දිත අයුරින් බැනවැදිල යන්න හදද්දී අර අහිංසක කොල්ල අහනව
"මට කොලේකුයි පෑනකුයි දෙනවද ඔයාට දෙයක් ලියල දෙන්න"
"ආ මෙන්න"
අරයා සාමාන්‍ය ලස්සන හිනාවක් දාලා කොලේ දීලා එයා ටිකක් දුර පයින් ගිහින් එයාගෙ බෙන්ස් එකේ නැගල ගියා, ඔය ටික වෙනකන් අර ගෑනු ලමය දැක්කෙ නෑ මොකද අර කොලේ තිබුන එක දැකලා එයා අඩ අඩ හිටියෙ,
ලියල තිබ්බෙ නේද
"ඔයා මට ආදරෙ නැති උනාට කමක් නෑ, නමුත් මම ඔයාට හැම දාම ආදරෙයි, ඔයා ආදරෙන් මගේ ඇස් දෙක ප්‍රවේසමෙන් බලා ගන්න. මම ඒවා දුන්නෙ ඔයාට මාව පෙන්නන ඕන නිසා".

Mar 27, 2011

යම් දවසක ඔබ මට ආදරය කරයි, නමුත් ,,

ඔබ මට යම් දවසක ආදරය කරයි, නමුත් මම ඔබට පෙරලා ආදරය කරන්නේ නැත.

මක්නිසාද යත් ඔබ කලා වැනි පහත් ගතිගුණ වලට සමාවක් දීමට මිනිසා කියන සත්වයා හැඩගැසී නොමැති බැවිනි. මට ඔබට පැවසීමට ඇත්තෙ මගේ දෑහට නොපෙනී තොලොන්චි වෙලා යන්න කියලයි. මට තවත් ඔබගේ කපටි දෑස් දෙස බලා සිටීමට නොහැකිය.

මගෙ හිත දුර්වලය, එයට ආදරය ඉගැන්වීමට තවත් බොහෝ කාලයක් ගතවන බව මා සිතමි.

එය උගන්වන විට එයට බාදා නොකරන ලෙසද ඉල්ලමි, මොකද ඔබ MKට කේන්ති ගිය වේලාවල් හරියට දැක නොමැති බැවිනි.

මලියගෙ වචනයෙන් - මගේ හිත ගත්ත කෙනෙක් ඉන්නව, එයා මගේ ගැජමැටික් එක අරගෙන ඉවරයි මම හිතන්නෙ. ඔයා ගිය දවසෙ ඉදන් මගේ හදවත මැරුනා, ඒකට මම රිප්ලේස් කරපු කෑල්ලට තමා මම ගැජ්මැටික් එක කියන්නෙ. ඒ ගැජමැටික් එක ඒකට ඕන විදියට වැඩ කරන්නෙ. මම කියන කිසිම දෙයක් අහන්නෑ.

නෙත්මි ඔයා මාව වෙනස් කරා නමුත් මාව ඔයා ආයිත් ආගාදයකටම ඇදලා දාලා තමා ගියේ.
මට හැගීම් දැනීම් නෑ, එක තැනක ඉන්න බෑ, කන්න බෑ.

මට කියවෙන්නෙම "මැරෙන්නෙ කොහොමද පිස්සි ඔයාව අමතක කරලා?",
ඔහොම කියද්දි "මෝඩ කතා කියන්න එපා පිස්සෝ, ඔයා මැරෙන්නෑ"
හුරතල් කටහඩින් කියද්දි ඔයා මට කරපු කියපු දේවල් ඔක්කොම අමතක වෙනව.

මට ඉස්කෝලෙ ඇතුලට යන්න විදියක්වත් තිබ්බෙ නෑ, පාන්දර 3ට නිදාගෙන 5ට නැගිටින්නෙ.

සිගරට් නෑ, රස්තියාදු ගැහිලි නෑ අර පිස්සි මාව ආයි හොද කොල්ලෙක් කරල, මම නොදැනුවත්වම.