මේක ලියන්නෙ වඩ්ඩට මගේ හොදම ෆ්‍රෙඩාට, මේක උට කිව්වට අහන්නෑ, ඉතින් කොටන්නම ඕනෙ කියලා හිතුනා.

අන්තිමට මගේ ප්‍රොෆයිල් පික් එකටත් උබ මැරෙන්න හදනවා! අනේ බං මට ඔය කෙල්ල ගැන කිසීම හැඟීමක් නෑ බොරු කියන්න ඕනෙ නෑ. උබ කොච්චර කිව්වත් එයා වගේ කෙනෙක් හම්බවෙන්නෑ කියලා මම පිලිගන්නෑ. උබ දැන් වෙනස් වෙලා, උබ මගේ ෆිට් එක නෙමේ කෙල්ලෙක් නිසා මැරෙන්න හදන එකෙක්. එයා කොච්චර උබට කිව්වද මාත් එක්ක කතා කරන්න එපා කියල. උබ දන්නවද එයා මට කිව්ව ඒවා?
මට කමක් නෑ උබ එයාව බැන්දත්, මගේ යාලුකම තියාගනින්. උබ මාත් එක්ක තරහ උනත් මට උබත් එක්ක කිසිම තරහක් නෑ. මට තියෙන්නෙ දුක උබ මොකට ඒ කෙල්ලට කැමතිද කියල. දැන් කියපන් ආයි ඒ වගේ එකක් හොයාගන්නවත් බෑ කියලා.
මචං මතකනෙ නෙතූ මාව දාලා ගිය දවස් වල? උබල O/L ඉවර වෙලා පිස්සු නටනව EXEL WORLD එකේ මම මෙහෙ අම්බානකට අනුමත වෙලා, එතකොටත් මම මොකද්ද කිව්වෙ "එයා මම ගාවට අනිවා එනවා, උබ බය වෙන්න එපා මචං" එයා එන්නෑ කියලා දැන දැනත් උබලා හැම එකාටම කිව්වෙ එච්චරයි. නමුත් උබ අනේ මන්දා එයා ඇරෙන්න වෙන කවුරුවත් එපාලු!
එයා කාගෙ කවුරු උනත් ලොකු නෑ, මට මොනව හරි කිව්වොත් මම ඒක බලාගන්නන්, උබ මැද්දට පනින්නත් එපා. මතක තියාගනින් උබට පණ උනත් දෙන එල ෆ්‍රෙඩෙක් හිටියා කියලා. මට කෝල් කරන්නත් එපා මේක දැකලා. ඕන උදව්වක් කියපන් මම කරලත් දෙන්නන්, උබ වෙනුවෙන්, එයාට නෙමේ!
No comments:
Post a Comment