මිනිහ 6 වසරෙ ඉන්නකොට හම්බවෙනව එල යාලුවෙක් මිනිහ නමින් රංග, මිනිහ වමත් ඩයල් එකක්. දෙන්නම හිටියෙ චූලා රණසිංහ මිස්. මිස් මුන් දෙන්නට මාර ආදරෙයි. ඇයි උදේ පීරියඩ් දෙකම විද්‍යාව. චූලා මිස් තමා කරන්නෙ, මම පලවෙනි ඩෙස්ක් එකේ අරූ දෙවනි එකේ තුනේ තව කවුද බුවෙක් හිටියා. මම ලියනකොට මගේ අත අරූගෙ ඩෙස්ක් එකේ පොඩ්ඩක් විතර. මිනිහ ලියන්නෙ වමෙන්නෙ ඉතින් අපි වලි.
කොහොමින් කොහොම හරි අපි දෙන්නා කියෝනවයි, ගහගන්නවයි. මෙලෝ සංසාරයක් නැතුව ඉතින් පන්තියේ ඉන්නව. එක දවසක් අපි වලි දාගෙන ගෙදර ආවා, ආ කියන්න ඕනෙ මුගෙන් තමා ඔය අලුත් අලුත් වචන කෑලි එහෙම හොයාගත්තෙ.
ගෙදර ආවා කියල එතනවත් සැනසීමෙ ඉන්න එපැයි ඔන්න ඔය අස්සෙ බල්ලෙක් කෑගහනව. තියෙන මලත් එක්ක, අපේ සීයාගෙ කබඩ් එකේ තියනවා ඕන කුනු ගොඩක්, තෝරල බේරල ගත්තා නිදි පෙති 5ක් විතර ගියා බල්ල ලගට,

ගෙදර තිබ්බා පාන් පෙති ටිකක්, ගත්තා ගානට ගනන් කරල දෙකක්, පෙති දැම්මා තක්කාලි සෝස් දැම්ම. රෝල් කරා. අනේ අර බවු කුක්කා නිකන් ගිල්ලා කෑම දැක්කෙ නැති ගානට. මූ ශපාන් එකේ පොඩි දුරක් ගියා වැටුනා නෝ සද්ද බද්ද, නිදි පැය 2ක් විතර.
ඊට පස්සෙ ඉස්කෝලෙ ගියාම තමා හිතුනෙ රංගයට දුන්නනන් මට ආතල් එකේ ලියන්නත් තිබ්බා කියල. ඔන්න එදා මම එක දෙයක් හොයා ගත්තා, අදටත් මූ මෙහෙමයි "බත් කන්නෑ අතින් අල්ලලා, අම්ම තමා කවන්න ඕනෙ, එතකන් පාන් හරි ශොර්ට්-ඊට්ස් තමා උස්සගෙන එන්නෙ"
ප.ලි. - චූලා රණසිංහ මිස් දන්න කෙනෙක් ඉන්නවනන් කරුණාකරල දැනුම් දෙන්න පුලුවන්ද රංගයි මලිතුයි මිස්ව මතක් කලා කියල.